දින 4ක් මොරොක්කෝවේ අඩි 100ක් ගැඹුරු ළිඳක සිරවී සිටි දරුවා මිය යයි

දින 04කට වැඩි කාලයක් මොරොක්කෝවේ ටැමරෝ නගරයේ අඩි 100ක් පමණ ගැඹුරැති ළිඳක සිරවී සිටි රයන් නැමැති පස් හැවිරිදි දරුවා මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම දරුවා මෙසේ ළිඳට ඇදවැටී තිබුණේ පසුගිය අඟහරුවාදා සවස් භාගයෙයි.

ඔහු බේරා ගැනීම සඳහා මොරොක්කෝ සහන කණඩායම් ක්‍රියාත්මක වූ අතර පටු ළිඳට සමාන්තරව පසුකඳු ඉවත් කර පසුව දරුවා වැටී සිටි ළිඳ දක්වා කැණීම් සිදු කෙරුණි.

රයන්ගේ ගලවා ගැනීම සඳහා කැණීම් යන්ත්‍ර පහක් යොදවා ඇති අතර ඔහු සිර වී සිටින ස්ථානය තෙක් එම යන්ත්‍ර මගින් උමගක් කපා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. ඔහු සිරවී සිටින ළිඳට සෘජුව ම ගමන් කිරීමට නොහැකිව ඇත්තේ, එහි විශ්කම්භය සෙන්ටිමීටර 45ක් පමණ කුඩා වන බැවින් ය.

ඒ සඳහා දින කිහිපයක් ගත වූ අතර අද අලුයම දරුවා මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුවත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව වාර්තා වේ.

දරුවා මුදා ගැනීමේ මෙහෙයුම සිදුකරන ආකාරය දැක ගැනීමට විශාල පිරිසක් අදාළ ප්‍රදේශයට පැමිණ තිබූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවධානය ද එයට යොමු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...