නිදහස සහ උපන් දිනය සැමරීමට අර්ථවත් විලාසිතාවක්

Date:

නිදහස් උත්සවය විවිධ විදිහට සමරනවා.සමහර උත්සව අපේ නිදහස ඇහිරෙන්න අපිව ණය කරලා කරන ඒවා.ණය වෙලා මඟුල් කාලා මොටද සාද දාලා මොටද කියලා කතා වන මිනිස්සු මාර වියදමක් දරලා රටේම ණය බර වැඩිවෙන විදිහෙ නිදහස සැමරීම් නරඹන්න කැමත්තෙන් අව්වෙ වේලෙනවා.ගෙදර රූපවාහිණිය වටේ කැරකෙනවා.සුපුරුදු පාරවල් වැහුණම ගමනාගමන නිදහස නැති කරගෙන “අපේ නිදහසනෙ ඉතිං” කියලා පයින් යනවා.

එහෙම නිදහස් උත්සවවල තියෙන ණය ගාම්භීර නැතුව ණය පියවන්න කරපු පුංචි නිදහස සැමරීමක් ළුතර දිස්ත්‍රික්කයෙ පොලේගොඩ මහා විද්‍යාලයෙන් දැක ගන්න ලැබුණා.තමන්ට නැගිටින්න මුල් පියවර වෙච්චි පොලේගොඩ මහා විද්‍යාලයට නිදහස් දවස වගේම තමන්ගෙ උපන් දිනයත් පදනම් කරගෙන ආපු නිමල් කරුණාතිලක නිදහස් උධයාපනෙයෙන් තමන්ගෙ ජීවිතයට නැඟෙන්න හදපු පඩිපෙළ පාමුල බොහෝ දේ පූජා කළා.ඒ සමහර කුණු වෙලා නරක් වෙලා පිළිම පාමුල වීසි කරන්න වෙන විදිහට පූඩා කරන දේවල්වලින් නෙමෙයි.පෝෂණය,දැණුම,සහ වින්දනය පදනම් කරගත්තු දේවල් ඒ පූජාවට ඇතුළත් වුණා.

දරුවන්ගේ කොළකැඳ වේලට අවශ්‍යය මූල්‍යමය පරිත්‍යාගය වගේම,පාසල් පුස්තකාලයට පරිත්‍යාග කරපු පොත් ඒ අතර තිබුණා.රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර යන මත් උවදුර සම්බන්ධයෙන් කරන දැණුවත් කිරිමේ දෙසුමක් ඊට ඇතුළත් වුණා.පාසල් භූමිය පුරා අනාගත සිසු පරපුරට රස විඳින්න පුළුවන් පළතුරු ගස් 38 ක් රෝපණය කරා.ඒ වගේම ජනප්‍රිය ගායන ශිල්පී කුමාරසිරි පතිරණ සමඟ ලක්ෂ්මන් කන්නංගර,ජයන්ත ගුණවීර,අනුරුද්ධ තිසර පෙරේරා සහ සත්මිණි පතිරණ එක්ව අපූරු සංගීත ආස්වාදයක් පොලේගොඩ පාසලේ දරුවන්ට ලබා දෙන්න මැදිහත් වුණා.
ඇත්තටම අපිට නිදහස් වෙන්න මොනවද ඕනි.දැණුම,උසස් රස වින්දනය,පෝෂණය,පරිසරහිතකාමී හැසිරීම්.එහෙම දෙයක් තමන්ගෙ උපන් දිනය,නිදහස සමරා කරන්න ඉදිරිපත් වෙන මිනිස්සු විශාල පිරිසක් හොයාගන්න ලැබෙන්නෙ නැහැ.

ඒ ටික දෙනා අතරෙන් කෙනෙක් වෙන නිමල් කරුණාතිලක දරපු මේ උත්සාහය අලුත් විලාසිතාවක් හැටියට සමාජය වැළඳගන්නවනම් හොඳයි.මේක ලස්සන,හරවත් සහ අර්ථවත් නව පන්නයේ විලාසිතාවක් වෙනවනම් හුඟක් උපන් දින වගේම නිදහස් දිනය වගේ ගෙවෙන අත් විශාල ධනස්කන්ධයක් රටේ ණය හැටියට අපේ හිතට බර කරන ආටෝප උත්සව වෙනුවට නිමල් කරුණාතිලකගේ විලාසිතාව කරන්න ඉදිරිපත් වෙයි.
ඒ නිසා මේ විලාසිතාව සමාජ ගත කරන්න නිමල් කරුණාතිලකට සහය වෙච්චි ගම්පහ සියනෑපුර සිංහ සමාජයේ සිංහ සාගරිකා ශිරන්ති,සිංහ රත්නසිරි මෙන්ම වැලිවේරිය ලියෝ සමාජයේ අචින්ත සාලින්ද ඇතුළු පිරිසත් කෘතවේදීව මේ සටහනට එකතු කරන්නෙ වැදගත් හැඩ විලාසිතාවක් සමාජ ගත කරන්න උනන්දු කරන්න අවශ්‍යය නිසාමයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ පරාජයෙන් පසු සජබෙන් ඇමති වටගලට වටකර පහරදීමේ මෙහෙයුමක්

කොළඹ මහ නගර සභාවේ බලය අල්ලා ගැනීමට නොහැකි වීමෙන්...

කොළඹ කොටස් වෙළඳපොලට දින 4 කදී බිලියන 202 ක් අහිමි වෙයි !

පිටපිට සිව්වැනි දිනටත් කොළඹ කොටස් වෙළඳපොලේ පසුබෑමක් ඊයේ (18)...

සෝමවංශ වංශකතාව ….

88 - 89 සන්නද්ධ අරගලය සමූල ඝාතනය වූ පසු...

වැලිවිටිය දිවිතුර සභාවේ බලය පොහොට්ටුවට

ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී...