*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

වළෙන් ගොඩ එනු වෙනුවට වළ තව හාරා ගැනීම

මනෝවිජ්ජාවෙන් රටක් රවටන ඩී.එස්.රණවක මැයෙන් මා ලියූ ලිපියට LNW පාඨකයෙක් නමින් අයෙක් ප්‍රතිචාර දක්වා තිබිණ.තමන්ගේ නමින්වත් පෙනී සිටීමට තරම් පිට කොන්දක් නොමැති අයකු වුව ද ඊට ප්‍රතිචාර දැක්වීම මගේ වගකීමකි.පිළිතුරු දීමට තරම් ශක්තිමත් ලෙස කරුණු දක්වා නැතත් කෙටියෙන් හෝ කරුණු දක්වමි.

1. LNW වෙත මුදල් ගෙවා මෙය පළකර ඇතැයි ලියුම්කරු කියයි.එවැන්නක් සිදුවී නොමැති බවට එහි සියලු දෙනා සාක්ෂි දරති.මුලින් LNW ට කළ ප්‍රශංසාව ලියුම්කරු තම චෝදනාවෙන් නිෂේධනය කරයි.හොඳ ලියවිල්ලක එබඳු පරස්පරතා තිබිය හැකිද?”

2.එසේ නැති නම් තිඹිරියාගම බණ්ඩාරට කවුරුන් හෝ මුදල් ගෙවා ලියවා ඇතැයි ද චෝදනාවකි.හොඳයි එසේ කර ඇතැයි නිගමනය කරමු.ලිපියේ නගා ඇති චෝදනා සත්‍ය ද?අසත්‍යය ද?වැදගත් වන්නේ එය නොවේද?වටේ නොයා කෙළින් ම එන්න!

3.මේ පුද්ගලයා මනෝ විද්‍යා විෂය ගැන මෙලෝ දැනුමක් නැති ව එය ලියා ඇතැයි ද චෝදනාවකි.ඒ පිළිබඳ ව ලිපියේ ඇති කරුණු ම උපුටමින් තර්කය ගොඩ නැගුවා නම් වඩා හොඳ ය.එවිට පිළිතුරු දිය හැකි ය.

4.ඩී.එස්.රණවක හමු වී ඔහු සමග සාකච්ඡා කර මෙය ලිවිය යුතුව තිබිණැයි ද චෝදනාවකි.උරුලෑවා ගිය පාර හඳුනාගන්නා විදිය ගැන ඇති ජනකියමන කවුරුත් දනිති.රණවකගේ මුළු පාඨමාලා ඉතිහාසය ම දූෂිත ය.ඔබා බලන්නට දෙයක් නැත. micp,sicp සහතික ඔහුට ලැබුණේ කොහෙන් ද?විශ්ව විද්‍යාලයකින් ද?නැත.සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ඔහු විසින් ම ලියාපදිංචි කරන ලද අධ්‍යාපනයට අදාළ නැති ස්වේච්ඡා සමිතියකිනි.තම සුදුසුකම් ඔප්පු කරන්නැයි දුන් අවස්ථා සියල්ල ඔහු මගහැර ඇත.මෙවන් පුදගලයකු සමග කුමන සාකච්ඡා ද?

5.රණවක 1980 සිට මනෝ විද්‍යා විෂය ප්‍රචලිත කිරීම සඳහා විශාල සේවයක් කර ඇතැයි LNW පාඨකයා කියයි.ඔහු ප්‍රචලිත කර ඇත්තේ මනෝවිද්‍යාව ද නො එසේ නම් මිථ්‍යාව ද යන්න පරීක්ෂා කර බැලීමට කැමති අය ඔවුන්ගේ ආයතනයෙන් නිකුත් වන ඊණියා මනෝවිද්‍යා සඟරාව කියවන්න.ඔහුගේ පාඨමාලාවෙන් සහතික ලැබූ ගෝබාලයන් මනෝවිද්‍යාවේ නාමයෙන් රට පුරා කරන වංචාව සොයා බලන්න.

6.ඩී.එස්.රණවකගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කියන එම පාඨකයා කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනවේදය උපාධිය ලබා ඇති බවත් ඒ තුළ මනෝවිද්‍යා විෂය ද ඇති බවත් කියයි.එහෙත් ඔහුගේ නම අගට භාවිත කරන micp,ficp ගැන කිසිවක් නොකියයි.ඒවා හොර සහතික නිසාය.මනෝවිද්‍යා විෂයද ඇතුළත් අධ්‍යාපනවේදී උපාධි ලැබූ දහස් ගණනක් මෙරට සිටිති.මේ කිසිවෙක් මනෝ විද්‍යාඥයන් ලෙස පෙනී නොසිටිති.ව්‍යාජ ආයතන පවත්වාගෙන යමින් හොර සහතික තමන් ලබාගෙන අනුන්ටත් නොදෙති.තිඹිරියාගම බණ්ඩාරගේ මූලික උපාධියද කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලැබූ එකකි.සමාජ විද්‍යාව සහ මනෝ විද්‍යාවද එම උපාධියෙහි මුල් අදියරට ඇතුළත් ය.එහෙත් තිඹිරි මනෝ විද්‍යාඥයකු ලෙස පෙනී නොසිටියි.

7.රණවකගේ පාඨමාලාවල දේශකයන් ලෙස දියනාත් සමරසිංහ,රවීන් හංවැල්ල,හේමමාලි පෙරේරා සහ දයා රෝහණ අතුකෝරල කටයුතු කර ඇතැයි LNW පාඨකයා පවසයි.එයින් එම පාඨමාලාවට සුජාත බවක් නොලැබේ.මෙහිදී ව්‍යාජ පාඨමාලාවක දේශන පැවැත්වීමෙන් ඔවුන් ද කර ඇත්තේ බලවත් වරදකි. ජීවතුන් අතර සිටිනවා නම්    ඔවුන් ද මෙයට වගඋත්තර බැඳිය යුතු ය.

8.1990 සිට මනෝවිද්‍යා විෂය ප්‍රචලිත කිරීම කිරීම සඳහා පසුබිම සකස් කිරීම රණවක විසින් කර ඇතැයි මේ පාඨකයා කියයි.ඔහු ප්‍රචලිත කර ඇත්තේ වංචාව,බොරුව,සමාජ බලය අවභාවිතය හා ශාස්ත්‍ර දූෂණය බව ඉහත කරුණුවලින් පමණක් වුව ද ඔප්පු වේ.

9.තම වෘත්තිය සඳහා ඔහුට සුදුසුකම් ඇති බවත් හදාගත් සංගමයේ යම් යම් අඩුපාඩු ඇති බවත් පාඨකයා කියයි.අඳෝමැයි!සුදුසුකම් මොනවා දැයි පේනවනේ.හදාගත් සංගමය මරණාධාර සමිතිය වැනි එකකි.එවැනි සමිතියකින් ලොව පිළිගත් මනෝ විද්‍යා පාඨමාලා පැවැත්වීම හෝ සහතික ලබා දීම කළ නොහැක.තමන්ගෙ මැට්ටං තම්මැට්ටං කීවාක් මෙන් රණවක මුලින් ම එම සමිතියෙන් තමන් ම මනෝ විද්‍යා සහතික ලියවා ගත්තේ ය.මොන ලැජ්ජා නැති වැඩක් ද?මේ රටේ නීතිය හරි හැටි ක්‍රියාත්මක වූවා නම් ව්‍යාජ සහතික තමන් ලබාගෙන අනුන්ටත් ලබා දී රජය ද රැවටීම සම්බන්ධයෙන් ඔහුගේ ලෙඩේට නියම බේත දිය යුතු ය.ඊණියා පාඨකයාටත් රණවකටත් මෙසේ කියමි.වටේ නොයා කෙළින් එන්න!

තිඹිරියාගම බණ්ඩාර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan