අනුර දිසානායකගේ ඉන්දියානු සංචාරයේ දෙවැනි දිනය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 06 කොළඹ (LNW): ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස සංචාරයේ දෙවන දිනය වන අද (06) නව දිල්ලියේ පිහිටි Observer Research Foundation හෙවත් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවූ බව එම පක්ෂය පවසයි.

Observer Research Foundation යනු ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන ආයතනයකි.

අනතුරුව දූත පිරිස ඉන්දියාවේ ඉලෙක්ට්‍රෝනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරිය (Unique Identification Authority of India) නැරඹූ අතර එහි ප්‍රධානීන් සමග සුහද සාකච්ඡාවක නිරත වූ බවද සඳහන් වේ.

අනතුරුව අද (06) පස්වරුවේ ජාතික ජන බලවේගයේ නායකයෝ අහමදාබාද් නගරය බලා පිටත්ව ගොස් ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...