විරේන්, ඉරානයෙන් පැමිණි වහා ඉන්දියානු අනු සූරයෙක් පරාජය කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි 06, කොළඹ (LNW): ඉරාන තරගාවලියේ අවසන් පූර්ව තරග වටය දක්වා තරග වැද ශ්‍රී ලංකාවට පැමිණ දිනකටත් අඩු කාලයකින් යථා ශ්‍රී ලංකාවේ දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණය මුල් කරගෙන පවත්වන ජාත්‍යන්තර බැඩිමින්ටන් අභියෝගතා සූරතාවලියට මුහුණ දුන් විරේන් නෙත්තසිංහ එහිදී ඉන්දීය ක්‍රීඩක තරුන් මාන්නපල්ලි පරාජය කරන්නට සමත් වුණා.ජ්‍යෙෂ්ඨ ඉන්දීය ජාතික සූරතාවලියේ අනු සූරයා වූ තරුන් මීට පෙර අවස්ථාවන්වලදී විරේන්ට එරෙහිව ජයගෙන ඇතත්,ස්විඩන් තරගාවලියෙන් පසුව යම් කිසි පැසුණු බුද්ධියක් සිහිතව සහ විශ්වාසයකින් යුතුව ජයග්‍රහණය පිළිබඳවා ආත්ම විශ්වාසයකින් ක්‍රීඩා කරන විරේන්,මේ තරගයේදී සිය ප්‍රතිවාදියාට එරෙහිව ලකුණු 21 – 15 සහ 21 -13 ක් ලෙස තරගය වට 2-0 න් ජය ගන්නට සමත් විය.

ඊ ළඟ වටයේදී විරේන්ගේ ප්‍රතිවාදියා වන්නේ තරගාවලියේ සුදුසුකම් වටය ජයගෙන පැමිණි අභිශේක් කානපාල යි.මේ තරගාවලියේ ප්‍රධාන තරගකරුවන්ගේ තරග සටහනේ විරෙන්ට හිමි වී ඇත්තේ සිව්වන තැනයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීමට ජංගම සේවයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හානි වූ...

අධ්වේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා අයට දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : නැවතත්, අධ්වේගී ...

තවත් ද්විත්ත්ව ඝාතනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW: නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි – අද (04) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 04) දිනයේදී උතුරු, උතුරු-මැද,...