කාදිනල් හිමිගේ ප්‍රකාශයෙන් පසු ව්‍යාජ බෞද්ධ කල්ලි යළි හිස ඔසවන ලකුණු

Date:

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වහාම අහෝසි කර දමා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රකාශ කර තිබිණි.

ඒ, 77 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් පෙබරවාරි 04 වනදා බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති දිව්‍ය පූජාවට එක්වෙමිනි.

මෙම ප්‍රකාශයට දැඩි විරෝධයක් දැක්වීමට බුද්ධාගමේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව කියන විවිධ කණ්ඩායම් සූදානමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

පසුගිය දශක එකහමාරක පමණ කාලය තුළ විවිධ නම්වලින් පෙනී සිටිමින් රට තුළ ආගම්වාදී මතභේද උත්සන්න කරවීම සඳහා උත්සාහ දැරූ මෙම බෞද්ධ කියාගන්නා කල්ලි මෑත කාලයේදී සිටියේ කිසිදු ක්‍රියාකාරීත්වයකින් තොරව වඳ වී ගිය මට්ටමිනි.

මෙසේ මරණ මංචකයට වැටී සිටි එම ව්‍යාජ බෞද්ධ කල්ලි කාදිනල් හිමිගේ ප්‍රකාශය සමග බෞද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය රැක ගැනීම සඳහා යැයි කියමින් යළි වීදි බැසීමට සැලසුම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?

සටහන – පුලී දෙසැම්බර් 17, කොළඹ (LNW):  The Animal මෙන්ම මෑත...

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...