කාදිනල් හිමිගේ ප්‍රකාශයෙන් පසු ව්‍යාජ බෞද්ධ කල්ලි යළි හිස ඔසවන ලකුණු

Date:

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වහාම අහෝසි කර දමා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රකාශ කර තිබිණි.

ඒ, 77 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් පෙබරවාරි 04 වනදා බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති දිව්‍ය පූජාවට එක්වෙමිනි.

මෙම ප්‍රකාශයට දැඩි විරෝධයක් දැක්වීමට බුද්ධාගමේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව කියන විවිධ කණ්ඩායම් සූදානමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

පසුගිය දශක එකහමාරක පමණ කාලය තුළ විවිධ නම්වලින් පෙනී සිටිමින් රට තුළ ආගම්වාදී මතභේද උත්සන්න කරවීම සඳහා උත්සාහ දැරූ මෙම බෞද්ධ කියාගන්නා කල්ලි මෑත කාලයේදී සිටියේ කිසිදු ක්‍රියාකාරීත්වයකින් තොරව වඳ වී ගිය මට්ටමිනි.

මෙසේ මරණ මංචකයට වැටී සිටි එම ව්‍යාජ බෞද්ධ කල්ලි කාදිනල් හිමිගේ ප්‍රකාශය සමග බෞද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය රැක ගැනීම සඳහා යැයි කියමින් යළි වීදි බැසීමට සැලසුම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...