යුපුන් කාලීන හොඳම දක්ෂතාවය සමඟ ෆින්ලන්තයේ දී දෙවන තැනට

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 07,(LNW)කොළඹ :

ෆින්ලන්තයේ පැවති Tampere Indoor Meeting මලල ක්‍රීඩා සූරතාවලියේදී ගෘහස්ථ මීටර් 60 ඉසව්ව සඳහා සිය හොඳම කාලීන දක්ෂතාවය ලෙස තත්පර 6.66 ක කාලයක් වාර්තා කළ යුපුන් අබේකෝන් එහි දෙවැන්නා බවට පත් වුණා.පළමු ස්ථානය දිනා ගත් නෙදර්ලන්තයේ එල්විස් අෆ්රිෆා ද එම කාලයම වාර්තා කළ අතර එහි අවසානය ඉතා තියුණු මුුහුණුවරක් ගනු ලැබුවා.


.රගාවලියේ දෙවන මූලික තරගය තත්පර 6.69 න් නිමා කර එය ජයග්‍රහණය කරමින් අවසාන තරගයට පිවිසෙන්නට යුපුන් සමත් වූ අතර නෙදර්ලන්තයේ එල්විස් ද,තෙවන මූලික තරගය එම කාලයටම අවසන් කරමින් අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තා.


මේ තරගයට ඉදිරිපත් වූ ක්‍රීඩකයින් අතර හොඳම පෞද්ගලික දක්ෂතා සළකා බලද්දී යුපුන්ගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය වන තත්පර 6.59 ක දක්ෂතාවයට ඉදිරියෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සිටිනු දකින්නට ලැබුණා.ඒ අතර සිිටි ඝානාවේ සීසාෆෝ ඇන්ටි සහ ඇස්ටෝනියාවේ කාල් එරික් අතරින් ඝානාවේ සීන් අවසාන තරගයට හෝ සුදුසුකම් ලබා ගත්තේ නැහැ. තත්පර 100 න් එකක පංගුවක් පවා සියල්ල කණපිට හැරවිය හැකි තරම් ආශ්චර්ය දනවන කෙටි දුර ඉසව්වක චමත්කාරය රඳවන යුපුන් මේ වාර්තා කළ කාලය සහ ජයග්‍රහණය විශිෂ්ට එකක් වන්නේ ඒ නිසයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...