පසුගිය රජය ගත් කැබිනට් තීරණයක් අවලංගු කරයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ (LNW):

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් කිහිපයක් ලබාදීමට ගත් තීරණය අහෝසි කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පසුගිය රජය ගත් කැබිනට් තීරණය අවලංගු කළ බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේය. හලාවත මූලික රෝහල, සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා ලබා දීමට පසුගිය රජය සමයේ තීරණය කෙරිණ. මේ අවස්ථාවේ රටට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට රජය තීරණයක් ගෙන නොමැති බවද ඔහු ප්‍රකාශ කළේ ය.

තවද, කොළඹ විරෝධතාවක නිරත වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් ඊයේ රාත්‍රි පැවැත්වුණු බව වාර්තා වේ. වයඹ, සබරගමුව සහ මොරටුව විශාවවිද්‍යාල වල වෛද්‍ය පීඨයන්හි මහාචාර්ය ඒකක ගැටළු විසදීම,, රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය රැකගැනීම හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ සූදානම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් උද්ඝෝෂණය ඊයේ පස්වරුවේ ආරම්භ වු‍ණේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ය.පසුව පිරිස ලෝටස් වටරවුම හරහා ජනාධිපති කාර්යාලය දෙසට යාමට උත්සහ කළ අතර පොලිසියෙන් ඊට බාදා එල්ල විය.

පසුව ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට ජනාධිපති කාර්යාලයට ගොස් සිය ගැටළු ඉදිරිපත් කළ අතර,ඉන් පසු ඊයේ රාත්‍රියේ අග්‍රමාත්‍යවරිය හමුවී සාකච්ඡා කිරීමටද අවස්ථාව හිමි වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය නිෂ්පාදකයින් රැකගන්න පාර්සල් රේගු බදු වෙනස් කළා. වැඩේ ගාණට යනවා – ඇමති චතුරංග

ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයින්ට දැවැන්ත තර්ජනයක් වී පැවති තනි...

Starlink : රනිල් මස්ක්ට ස්තූති කරයි. ඉක්මනින් නැවත හමුවීමටත් බලාපොරොත්තුවෙන්

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය ලබාදීම...

කහවත්තේ OIC යාපනයට මාරු කරයි

කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාසයට මාරුකර තිබේ. ඒ,...

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...