නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 07,(LNW)කොළඹ :

මුද්‍රිත ග්‍රන්ථ සඳහා ආධාර ලබා දීම වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ක්‍රියාත්මක කරන නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2023, 2024 සහ 2025 වර්ෂයන් හි මුද්‍රණයෙන් නිකුත් කෙරුණු කෘති භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ.

මේ යටතේ 2023, 2024 සහ 2025 වර්ෂවල මුද්‍රිත නවකතා, කෙටිකතා, පද්‍ය වැනි නිර්මාණාත්මක කෘති ද, ශාස්ත්‍රීය සහ පර්යේෂණාත්මක කෘති ද භාර ගැනීම පෙබරවාරි 10 වැනි දා සිට මාර්තු 10 වැනි දා දක්වා සිදු කරන අතර අදාළ අයදුම්පත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශන හා ග්‍රන්ථ සංවර්ධන අංශයෙන් මෙන්ම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකිය.

ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ අලෙවි කර ගැනීමේ දී ලේඛකයන් මුහුණ පාන ගැටලු සඳහා සහනයක් ලබා දීම, ගුණාත්මක මට්ටමේ කෘති මිල දී ගැනීම, පුස්තකාල සංවර්ධනය, කියවීම ප්‍රවර්ධනය කිරීම මේ ව්‍යාපෘතියේ මූලික අරමුණු අතර වේ.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලේඛකයන් කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පැමිණ හෝ 0112-687583 අංකයට දුරකථන ඇමතුමක් ලබා දී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. එසේ ම www.natlib.lk වෙබ් අඩවියට පිවිසීම හරහා ද මෙම ව්‍යාපෘතියට අදාළ සියලු තොරතුරු ආදිය ලබා ගත හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...