වෙඩි තැබීමක්! අයෙක් මරුට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ (LNW):

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසල වෙඩිතැබීමක් සිදුව ඇත.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වන අතර, වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි අයෙක් බව වැඩිදුරටත් වාර්තා වේ .