ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටුකිරීමට අපි සූදානම්.අවශ්‍ය නම් අළුතෙන්ම නඩුත් පවරනවා – අගමැති

Date:

කොළඹ LNW:ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් චෝදනා වලින් නිදහස් කිරීමට නීතිපතිවරයා කර තිබෙන නිර්දේශයෙන් පසු ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය ඒ සම්බන්ධයෙන් අගමැතිනියට ලිඛිත දැනුම් දීමක් කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් අද (07) පාර්ලිමේන්තුවේදී අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් සභාව දැනුවත් කළාය.

ඒ අනුව ලසන්ත වික්‍රමතුංග මහතාට යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

“මේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිලියි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට අපි සූදානම්, ඉස්සරත් අපගේ ස්ථාවරය වුණේ ඒක. වර්තමානයේ ද අපගේ ස්ථාවරය එයයි. අහිංසාගේ කනස්සල්ල සහ ඇයට මේ මොහොතේ දැනෙන වේදනාව මට හොඳින් තේරෙනවා. මෙම කාරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට අපි හැකි සෑම දෙයක්ම කරන බවට මම ඇයට සහතික වෙනවා. නීතිපති කාර්යාලයට ඒ සඳහා අවශ්‍ය ස්වාධීනත්වය ලබා දීලා, අවශ්‍ය නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමට අපි අපේ උපරිමයෙන් කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමගත් පුළුල්ව සාකච්ඡා කළා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් එක් දින පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන්න කටයුතු කරනවා.ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ නව විමර්ශනයක් ආරම්භ කිරීමට හෝ සාක්ෂි නැවත ගොණු කිරීමට අවශ්‍ය නම් අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා. අවශ්‍ය නම් අලුතින් නඩු පවරන්නත් කටයුතු කරනවා විතරක් නෙමෙයි යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් කළ හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නවා”යනුවෙන් අගමැතිනිය අවධාරණය කළාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...