විරෝධතාකරුවන් පිරිසක් විසින් බංග්ලාදේශයේ මුජිබර් රහ්මාන්ගේ නිවසට ගිනි තබයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශ් නිදහස් අරගලයේ වීරයා වශයෙන් සැලකෙන ෂීක් මුජිබර් රහ්මාන්ගේ නිවසට විරෝධතාකරුවන් සිරිසක් විසින් ගිනිතබා ඇති බව වාර්තා වේ.

පසුගිය වසයේ වූ ජූලි-අගෝස්තු මාසවල විශ්වවිද්‍යාල ශිෂ්‍ය නගිසිටීම් වල ප්‍රතිඵලයක් වශයෙන් එවකට පාලනයේ සිටි ෂීක් හසීනා ගේ රජය පෙරලා දැමීමෙන් අනතුරුව ඇයගේ පියා වන ෂීක් මුජිබර් රහ්මාන්ගේ නිවසට මෙලෙස ප්‍රහාර එල්ල කර තිබේ.

මිට හේතු වී ඇත්තේ ඉන්දියාවේ දේශපාලන රැකවරණය යටතේ සිටින හිටපු අගමැතිනි හසීනා අන්තර්ජාලය හරහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර ආන්ඩුවට එරෙහිව නැගී සිටින ලෙස කරන ලද ඉල්ලීමකි.

1971 දී නිදහස ලබා ගැනීමට තුඩු දුන් පකිස්ථානයට එරෙහි ජාතියේ විමුක්ති අරගලයට නායකත්වය දුන් බෙංගාලයේ මිතුරා වශයෙන් හඳුන්වන ෂීක් මුජිබර් රහ්මාන් නව ජාතියේ පළමු ජනාධිපතිවරයා සහ පසුව අගමැති ලෙස, රහ්මාන්ගේ නායකත්වය රටේ මුල් වසර හැඩගස්වා ඇත.

ඔහු 1975 ජනවාරි 24 වන දින දේශපාලන විරුද්ධත්වය තුරන් කළ බංග්ලාදේශ ක්‍රිෂාක් ශ්‍රාමික අවාමි ලීගය (BaKSAL) ලෙස හඳුන්වන මතභේදාත්මක ඒක-පක්ෂ රාජ්‍ය ක්‍රමයක් හඳුන්වා දුන් අතර මෙම ක්‍රමය මඟින් මාධ්‍ය පිළිබඳ පූර්ණ පාලනය රජයට ලබා දිනි.

1975 අගෝස්තු 15 වෙනිදා හමුදා කුමන්ත්‍රණයක් හේතුවෙන් මුජීබ් සහ ඔහුගේ පවුලේ අනෙකුත් සියලුම සාමාජිකයින් සිය නිවසේදීම ඝාතනයට ලක්වූ අතර හසිනාගේ බලයට පත්වීමත් සමඟ ෂීක් මුජිබර් රහ්මාන්ගේ නිවස කෞතුකාගාරයක් වශයෙන් 1994 අගෝස්තු 14 වන දින විවෘත කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...

ලබන පාරත් සජිත් එනවා !

කොළඹ LNW: ඊළඟ ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක...

වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: මේ වනවිට තෙත වී...

පුදනකොටම කාපි යකා – ළමා හිංසනය උත්කර්ෂයට නංවමින් පොලිස්පතිගෙන් අජූත කතාවක් !!

තමන් කුඩා කාලයේදී තම මව තමන්ට හොඳම පොල්ලකින් පහරදුන්...