ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අතර හමුවක් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වී තිබේ.

මෙහිදී දෙපාර්ශ්වය අතර පවතින ගැඹුරු සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ සාකච්ඡා කළ බවත් අනාගත වර්ධන අවස්ථා පිළිබඳව සහ සමාජ සුබසාධන වැඩසටහන් පිළිබඳ කතාබහක නිරත වූ බවත් ජයිශංකර් මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

පසුගිය ආර්ථික අර්බුද සමයේදී මෙන්ම මෑත කාලීන දිට්වා සුළි කුණාටු ව්‍යසනයේදී ද ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බව සිහිපත් කර ඇති ජයිශංකර් මහතා ඉන්දියාව සෑමවිටම ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සැබෑ සහකරුවකු වශයෙන් සිටින බවයි සඳහන් කර ඇත්තේ.

ටිල්වින් සිල්වා මහතා මේ දිනවල ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ පක්ෂයේ තවත් නියෝජිතයින් කිහිපදෙනෙකු සමග ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...