ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

Date:

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW:

පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව සමඟයි.අයිසීසී ය නමින් එන්නේ ද එයයි.මේ ඇත්ත පසුබිම මත ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා නොකර සිටින්නට පකිස්තානය කටයුතු කිරීමෙන් වැඩිම හානියක් රටක් හැටියට විඳින්නේ ශ්‍රී ලංකාවයි.එය ආර්ථික වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ඇති රාජ්‍යතාන්ත්‍රික විශ්වාසය සහ සහයෝගයද යම් ආකාරයකට උල්ලංඝණය කිරීමක් වනු ඇත.
මේ ගැන සිහිපත් කිරීමක් නොවන එහෙත් සිහිපත් විය යුතු කෙනිත්තිල්ලක් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා කටයුතු කර තිබෙනවා.ඒ පකිස්තානයේ තීරණය නැවත සළකා බලන ලෙස කියමින්.


ශ්‍රී ලංකාවට අපහසු අවස්ථාවල බොහෝ කේෂ්ත්‍රවලදී පකිස්තානු රජය උපකාර කර තිබෙනවා.ක්‍රිකට් ක්‍රීඩාවේදී ද ටෙස්ට් තත්ත්වය ලබා ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයගත් 1996 දී ඇතැම් විදෙස් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි බව කියද්දී පකිස්තානය සහ ඉන්දියාව එක්ව පැමිණ ශ්‍රී ලංකාවේ තරග කරනු ලැබුවා.එවිටත් ඉන්දියාව සහ පකිස්තානය හොඳ මිතුරන් නොවේ.එහෙත් ක්‍රීඩාවට ඒ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලන අර්බූද ඇතුළත් කර නොගෙන කළාපයේ මිතුරා වෙනුවෙන් දෙරට එක්ව නැගී සිටීම ඉතිහාසයේ සිඳු වූ අපූර්වම සිඳුවීමක්.
පකිස්තානයට ක්‍රිකට් ක්‍රීඩා කරන්නට කණ්ඩායම් නො‘එන තත්ත්වයක් නිර්මාණය වුණේ එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක් සිඳු වූ නිසයි.ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ පුරාවෘත්තයන් වන මහේල,සංගක්කාර,මුරලි,වාස් වැනි ක්‍රීඩකයන්ගේ ජීවිතය,එම සිඳුවීම නිසා නැතිවීමට පවා තිබුණා.එහිදී පොලිස් නිලධාරියෙකුගේ පුතෙකු නිසා ආ ජානමය බලපෑමක් නිසා ද ඇති වූ අධික බය නිසාද යැයි නිවැරදිව කීමට නොහැකි වුවත් රියදුරාව නොනවත්වා බස් රථය ධාවනයට පොළඹවමින් කටයුතු කරන්නට තිලකරත්න ඩිල්ෂාන් මූලික වූ බව පැවසෙනවා.


ඒ අමිහිරි සිඳුවීමෙන් පසුව පකිස්තානයට පය තියන්නට කිසිඳු කණ්ඩායමක් කැමති වුණේ නැහැ.ඒ අවස්ථාවේදී දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පකිස්තානයේ සංචාරයක යෙදෙනවා.ශ්‍රී ලංකාව එම තරගාවලිය ජය ගන්නවා.දැඩි රැකවල් මැද මාධ්‍යවේදීන්ට ඡායාරූප ගැනීමටවත් ළඟට එන්නට නොදෙන තත්ත්වයක ලෝකයට ආරක්ෂාවේ ප්‍රශ්නයක් නැති බව පෙන්වමින් ඡායාරූප ශීල්පීන්ට ළඟට එන්නට අවසර දෙන්නේ නායක දසුන් ශානකයි.මේ මොහොතේත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන්නේ දසුන් ශානකයි.
මෑත කාලයේ ද පකිස්තානයට පය තබන්නට විදෙස් ක්‍රීඩකයන් සහ කණ්ඩායම් අකමැති වෙද්දී ඒ සහයෝගය පකිස්තානු ක්‍රිකට් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබා දුන්නා.මේ සඳහා රාජ්‍යතාන්ත්‍රිකව එම තීරණයට යන්නට ලංකාවේ ආණ්ඩුවද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ආශිර්වාද කරනු ලැබුවා.ශ්‍රී ලංකාවේ පැවති හෝ පවතින ආණ්ඩු ක්‍රීඩාව පටු දේශපාලනික කාරණා සඳහා යොදා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත බලපෑම් නොකළත් පකිස්තානය මෙන්ම ඉන්දියාවද ඒ ආදර්ශයෙන් ඉගෙනගෙන නැහැ.එසේ කටයුතු කළ හැකිනම් ක්‍රීඩාව දේශපාලනිකව පවතින අර්බූද සමනය කරන්නටත් යම් ආකාරයකින් ආශිර්වාදයක් ලෙස සමීප කර ගත හැකියි.


කෙසේ වුවත් ශඹ්මි අටුවා ටීකා නොමැතිව ලියන ලිපියේ ශ්‍රී ලංකාව පත්වන තත්ත්වය ගැන පෙන්වා දීම ශ්‍රී ලංකාව ක්‍රීඩකයන් ජීවිත අවදානම නිසා පකිස්තානයට යන්නට නොහැකි බව කියද්දී පරිපාලනයක් හැටියට ක්‍රීඩාවේ සාර ගුණය සහ ක්‍රීඩාශීලීත්වය පදනම් කරගෙන කටයුතු කළ හැටි පකිස්තානයට සිහිවිය යුතුයි.අපි බලා සිටිමු ශ්‍රී ලංකාවේදි වඩාත්ම තරගකාරී උණුසුම් ඉන්දිය පකිස්තාන තරගය ශ්‍රී ලංකාවේදී සජීවව විඳ ගන්නට හැකියාව ලැබෙනු ඇතැයි කියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...

විද්‍යාඥයින් වසර මිලියන 1 ක් පැරණි නැතිවූ ලෝකයක් සොයා ගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නවසීලන්තයේ උතුරු දූපතේ...

ලෝක කුසලානයේ සමාරම්භක තරගය නොමිලේ බලන්නට එස්එස්සී ය විවෘත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...