කුරුණෑගල නව නගරාධිපතිවරයා විපක්ෂ නායක සජිත් හමුවේ දිවුරුම් දෙයි

Date:

කුරුණෑගල මහ නගර සභාවේ නව නගරාධිපති සුමේද අරුණ ශාන්ත මහතා, ඊයේ (06) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සංකේතවත් ලෙස අභිනව නගරාධිපති ධූරයෙහි දිවුරුම් දීම සිදුකළේය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පත්වන සියලු මහජන නියෝජිතයින්ට සකස් කර ඇති ආචාර ධර්ම පද්ධතිය ද මෙහිදී නගරාධිපතිවරයා වෙත භාරදීම සිදුකෙරිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබුණු කුරුණෑගල නගරසභාවේ අයවැය සම්මත කරගැනීමට නොහැකි වීම නිසා එහි නගරාධිපතිවරයාව ධුරයෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් කටයුතු කෙරුණු අතර සජබ නියෝජනය කරන සුමේද අරුණ ශාන්ත මහතා නව නගරාධිපතිවරයා වශයෙන් පත්වූයේ ඉන් අනතුරුව ය.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙක්සිකෝවේ ගොවිපලකින් රහසිගතව පුළුස්සන ලද මෘත ශරීර රැසක් සොයා ගැනේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකානු ප්‍රාන්තයේ ජාලිස්කෝ...

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

මගේ ජීවිතේ තරුණ කාලේ ජ.වි.පෙ. න් ලැබුන රළු භෞතිකවාදී...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...