ප්‍රදේශ රැසකට වැසි – අද කාලගුණ අනාවැකිය

අද (07) දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරුමැද පළාතේත් මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක.

ඒ අනුව, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

~ රුවන් නෙළුගොල්ල