මට ගහන්නේ මට තියෙන ජාත්‍යන්තර සබඳතා නිසා – මෛත්‍රීට සංවිධායකගේ නමත් පැටළෙයි

Date:

පාස්කු ප්‍රහාරය මුල් කරගෙන තමන්ට එරෙහිව විශාල කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“අපි කාටවත් බයවෙන්න වුවමනාවක් නෑ. බණ්ඩාරනායක මහත්තයාව මැරුවා, බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කෙරුවා. අද මාව නොමරා මරණවා. ඔය පේන අයට වැඩිය ඕක පිටිපස්සේ වෙන කණ්ඩායමක් ඉන්නවා. මේ මෙහෙයවන්නේ මාත් එක්ක තියෙන පුද්ගලික ප්‍රශ්නයකට නෙවෙයි, විශේෂයෙන්ම මගේ තිබෙන ජාත්‍යන්තර සබඳතා නිසා තමයි මට ඔය ගැහිල්ල ගහලා මාවත් පක්ෂයත් අපි ඔක්කොමලාව විනාශ කරන්න හදන්නෙ. දැන් පසුගිය දවස්වල මම මහේස්ත්‍රාත් අධිකරණයකට ගියා. මහේස්ත්‍රාත්තුමා හිටපු ජනාධිපතිට අවවාද කරයි කියලා ප්‍රවෘත්ති ගියානෙ රූපවාහිනී, පත්තරවල. මට මහේස්ත්‍රාත්තුමා කිසි අවවාදයක් කෙරුවෙ නෑ. විශාල කුමන්ත්‍රණයක් මේ යන්නෙ පාස්කු ප්‍රශ්නෙත් එක්ක.

ඉතින් අද මේ ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අපේ අජිත් මාන්නප්පෙරුම මහත්තයා ප්‍රමුඛව සියලුම සංවිධායකවරුන් …. නෑ, මේ මේ අජිත් බස්නායක මහත්තයා. අපි පාර්ලිමේන්තුවේ නිසා අපට වැඩිපුර හම්බවෙන්නේ එයානෙ”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (06) ගම්පහ ප්‍රදේශයේ පැවති ශ්‍රීලනිප ප්‍රචාරණ රැස්වීමක් අමතමිනි.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු අනවසර ඉදිකිරීමකට යළි ඉඩක් නැහැ – අගමැති සහතික වෙයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: වාර්ෂිකව ඇතිවන ගංවතුර කොළඹ ජනතාවගේ ජන...

ඉක්මන් පරීක්ෂාවකට ලක් විය යුතු බදුල්ලේ ස්ථාන හතක් හඳුනාගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඉක්මන් පරීක්ෂාවකට ලක්...

යුරෝපා සංගමයෙනුත් සහන පැකේජයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආපදා තත්ත්වය හමුවේ...