පොහොට්ටුවේ මන්ත්‍රී පාටියක් අතරේ වෙඩිතැබීමක්. පොලිසියෙන් විමර්ශන

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර සිදුවූ වෙඩිතැබීමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන්කර ඇති නුවර එළිය සෙන්පත් මැදුරේදී පසුගිය ජනවාරි 28 වනදා මෙම සාදය පැවැත්වී ඇති අතර මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්දන, නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක සහ ඔවුන් සමග පැමිණි 30ක් පමණ පිරිසක් මෙම සාදයට සහභාගී වී ඇති බව සඳහන්.

එදින රාත්‍රී 12 ට පමණ වෙඩි ශබ්ද දෙකක් ඇසී ඇති අතර පසුදින පිරිසිදු කිරීමේදී කටයුතුවලදී මිලිමීටර් 9 වර්ගයේ හිස් උණ්ඩ කොපු දෙකක් ද හමුවී ඇති බවට එම සෙන්පති මැදුරේ කළමනාකරු පාර්ලිමේන්තු මහලේකම්වරයා ද දැනුවත් කර, පසුගිය 04 වනදා නුවර එළිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව නුවර එළිය පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් වෙඩිතැබීමෙන් එම මැදුරේ දේපළවලට හානියක් සිදුව නොමැති බවත් වාර්තා විය.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...