සියලු සෞඛ්‍ය ආයතන පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව තුළ වහාම ලියාපදිංචි විය යුතුයි – වෛද්‍ය ධම්මික අලහප්පෙරුම

Date:

පෞද්ගලික රෝහල් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා පවසන්නේ මෙරට සියලු පෞද්ගලික රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන මේ මස 28 වැනිදාට පෙර පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව තුළ වහාම ලියාපදිංචි විය යුතු බවයි.

පෞද්ගලික සෞඛ්‍ය ආයතන 10,000ක් පමණ ලියාපදිංචිය නොලබා ඇති බවත් මේ මස 28 වැනිදාට පෙර අදාළ ආයතන ලියාපදිංචි නොවුවහොත් ඒවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, පෞද්ගලික රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන 1,500ක් පමණ මේ වන විට නීතිමය ලියාපදිංචිය ලබා ඇති බවත් www.phsrc.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචිය ලබා ගත හැකි බවත් අධ්‍යක්ෂවරයා පවසයි.

රට පුරා තිබෙන පෞද්ගලික සෞඛ්‍ය ආයතන සතුව පවතින වෛද්‍ය උපකරණ, මානව සම්පත යනාදිය සුදුසුකම් ලත් ඒවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු අතර පෞද්ගලික රෝහල්, නර්සින් හෝම්, පෞද්ගලික රසායනාගාර, දන්ත ශල්‍යාගාර යනාදි ලෙස අංශ 11කට අදාළව පෞද්ගලික සෞඛ්‍ය ආයතන ක්‍රියාත්මක වන බවත් මේවා නියාමනය නොකිරීමෙන් මෙරට රෝගී ජනතාවට දැඩි අසාධාරණයක් සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙක්සිකෝවේ ගොවිපලකින් රහසිගතව පුළුස්සන ලද මෘත ශරීර රැසක් සොයා ගැනේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකානු ප්‍රාන්තයේ ජාලිස්කෝ...

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

මගේ ජීවිතේ තරුණ කාලේ ජ.වි.පෙ. න් ලැබුන රළු භෞතිකවාදී...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...