තුර්කියේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සොයා බලනවා – තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි

Date:

තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය පවසන්නේ තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශය වෙත වහාම දැනුවත් කරන ලෙසයි. ඇය සඳහන් කළේ, තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද ඒ පිළිබඳ තොරතුරු ලබාදිය හැකි බවය.

තුර්කිය තුළ ශ්‍රී ලාංකිකයින් 270 දෙනෙකු පමණ රැඳී සිටින බවට තොරතුරු ලැබී තිබෙන අතර තානාපති කාර්යාලය හරහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින් පිළිබඳ මේ වන විට සොයාබැලීම් සිදුකරන අතර ආපදාවට ලක්වූ ප්‍රදේශයේ සිටි එක් අයෙකු පිළිබඳව පමණක් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බව තානාපතිවරිය සඳහන් කළාය. එම ප්‍රදේශයේ සිටි සෙසු 13 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බවට තහවුරු වී තිබෙන බව පවසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර හෑගොඩයන් විසින් රචිත “හිමකැටි ආදරය” සමඟ ගෙවූ රසවත්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...