*
Friday, April 26, 2024
spot_img

Latest Posts

රටට අවශ්‍ය තෙල් තොග ලැබේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමට පියවර ගෙන ඇතැයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. ලබන ජුලි මාසය දක්වා තෙල් තොග ලබා ගැනීමට නියමිතයි.

ඉන්පසු එළැඹෙන කාලසීමාව සඳහා බොරතෙල් සපයා ගැනීමට ක්‍රියා කෙරේ. පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් සැපයීම සඳහා සයිප්‍රසයේ සමාගමක් නොකැදවූ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එය ඉදිරිපත් කර ඇත්තේ දින 180 ක ණය පදනම යටතේ බොරතෙල් සැපයීම සඳහායි.

අමාත්‍ය මණ්ඩලය පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ ඇගයීමට අනුව බොරතෙල් බැරල් 450,000 ක් සපයා ගැනීමට නිදේශ වී ඇත. ඒ අනුව බොරතෙල් තොග සපයා ගැනීමට පියවර ගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

මේ අතර ඉන්දියානු තෙල් සමාගමෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000 ක් මිලදීගැනීමට නියමිතයි. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් සපයා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය එම සමාගම සාකච්ඡා කර ඇත. ඉන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් සැපයීමට ඉන්දියානු සමාගම එහිදී එකගතාව පලකර තිබේ.

රට අඳුරේ තබන්නට රජය ඉඩ දෙන්නේ නැත. නමුත් ජනතාව ලෙස අප එක් විදුලි පහනක් හෝ නිවා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කර ඉන්ධන ගැටලුවට හැකි අයුරින් දායක වෙමු.

Sponsored Article
රෂිකා සඳමාලි හෙන්නායක
2022.02.07

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan