ජනාධිපති අපේක්ෂකයා කවුදැයි තවම තීරණය කර නෑ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 07 කොළඹ (LNW): මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මෙතෙක් කිසිදු එකඟතාවක් ඇතිකර නොගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා සිටී.

ඒ සම්බන්ධයෙන් පක්ෂය සමග වෙනම සාකච්ඡා කරන්නැයි ඉල්ලා සිටිය ද ජනාධිපතිවරයා මෙතෙක් ඒ සඳහා දිනයක් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා දෙන්නේ කා හටද යන්න සම්බන්ධයෙන් එම පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොති බවත්, තම කොන්දේසිවලට එකඟ වන තැනැත්තෙකුට ජනාධිපතිවරණයේදී සහය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බවත්,සාගර කාරියවසම් මහතා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...