සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 07 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝලීය උෂ්ණත්වය මේ වන විටත් සෙල්සියස් අංශක එකයි දශම පහකින් පමණ ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යාඥයින් සඳහන් කළේ, ඉදිරි දශකය තුලදී ගෝලීය ඌෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් පමණ ඉහළ යනු ඇති බවටයි.
කෙසේ වුවද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විටත් සෙල්සියස් අංශක 1.5කින් පමණ ගෝලීය ඌෂ්ණත්වය ඉහළ ගොස් ඇත.
දැනට සිදු කෙරෙන කාබන් විමෝචනය සීමා කිරීමට නිසි පියවර නොගතහොත් ඉදිරියේ දී තවදුරටත් ගෝලිය ඌෂ්ණත්වය ඉහළ යා හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි.
ලොව සෑම රටකම පාහේ දේශපාලන හා විද්‍යාත්මක දායකත්වය එම අරමුණ වෙනුවෙන් කැප කළ යුතු බව ද ඔවුන් පෙන්වා දෙයි.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, 2015 වසරේ ලොව සියලු රටවල් එළඹි පැරිස් එකඟතාවයේ යෝජනාවන් ක්‍රියාත්මක නොකිරීම ඌෂ්ණත්වය ඉහළ යාමට දැඩි ලෙස බලපා ඇති බවයි .
