පකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 22නකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 07,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථානයේ මහා මැතිවරණය පැවැත්වීමට දිනකට පෙර බලුකිස්තාන් පළාතේ බෝම්බ පිපිරීම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පිෂින් දිස්ත්‍රික්කයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් ඉදිරිපිට සිදුවූ පළමු පිපිරීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර දෙවන පිපිරීම ඉන් කිලෝමීටර් 150ක් (සැතපුම් 93ක්) පමණ දුරින් පිහිටි කිල්ලාහ් සයිෆ් උල්ලා දිස්ත්‍රික්කයේ සිදු වූ අතර ඉන් පුද්ගලයන් 8 දෙනෙකු මිය යන ලදී.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර පුර්ව මැතිවරණ සමයේ බලුකිස්තාන් සහ කයිබර් පක්තුන්ක්වා යන පළාත් දෙකෙහිම ප්‍රචණ්ඩකාරී සිදුවීම් රැසක් ද වාර්තා වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...