සටහන – පුලී
පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතර සිටින ඔහු, නමින් ඊලොන් මස්ක් ය. මෙවර ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගැනීම පිටුපස සිටින බර අවිය ඔහුය. සම-ජනාධිපති යන නාමය ඔහුට නිකන්ම ලැබුණේ කිසිම කෙනෙකුගේ ඡන්දයක්වත් නොලදාමය. අහෝ කෙතරම් වාසනාවක්ද?
එක්සත් ජනපද භාණ්ඩාගාරයට කඩා වැදී, රජයේ ගෙවීම් පද්ධතියට ඇහැ ගහගෙන ඉන්න මොහු සමාජ ආරක්ෂණයට ද ඇගිලි ගහන්න හරි දක්ෂයෙකි. මෙවන් දෑ නිසැකව ම පාහේ නීති විරෝධී වන අතර, එයට ප්‍රමාණවත් අවධානයක් නොලැබීම කණගාටුවට කරුණකි.
අඩුම තරමින් බියර් උගුරක් පානය කිරීමට තරම් වයසක්වත් නොමැති කුඩා ළමුන් කණ්ඩායමක් සමඟින්, ජනවාරි 6 වැනිදා ට්‍රම්ප්ට කිරීමට නොහැකි වූ දේ කිරීමට මස්ක් සමත් වී ඇත. එනම් ඇමරිකානු ජනතාවගෙන් ඈත් කර ආන්ඩුව පාලනය කිරීමය.
මස්ක් සහ ඔහුගේ යොවුන් වියේ පසුවන ගෝලයන්, ඇමරිකාවේ බිල්පත් සියල්ලම පාහේ ගෙවන එක්සත් ජනපද භාණ්ඩාගාරයේ ගෙවීම් පද්ධතිය භාරගෙන ඇති අතර, කිසිදු අධිකාරියක් සහ අධීක්ෂණයකින් තොරව එහි මෘදුකාංගයන් නැවත සකසමින් සිටින බව වාර්තා වේ.
ඔවුන් බොහෝමයක් ඇමරිකානු සමාජ ආරක්ෂණ තොරතුරු වෙත ප්‍රවේශවීම් කරමින්, නීති විරෝධී ලෙස ක්‍රියාත්මක කරයි.
ඔවුන් ෆෙඩරල් කම්කරුවන් ඔවුන්ගේ කාර්යාලවලින් ඉවත් කරන්නේ බල්ලො බළල්ලු මෙනි. මස්ක් USAID හි රහසිගත බුද්ධි තොරතුරු අංශය වෙත බලහත්කාරයෙන් ප්‍රවේශ වූ අතර ඔහුට කිරීමට නීත්‍යානුකූල බලයක් නොමැති සමස්ත ආයතනයම වසා දමන බව ඒකපාර්ශ්විකව නිවේදනය කළේය. මිලියන දෙකක සිවිල් ෆෙඩරල් සේවකයින්ට වහාම ඉවත් වන ලෙස ඉල්ලා සිටි ඊමේල් පණිවුඩයට වගකිව යුත්තේ ඔහු බව ඍජුවම වැටහේ.
ඔය බලපුළුවන්කාරකම් පෙන්වන්න කිසිවෙක් Elon Musk තේරී පත් වූයේ නැත. සෙනෙට් සභාව ඔහුව ස්ථිර කළේ ද නැත. ඊනියා රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව සැබෑ රාජ්‍ය ආයතනයක් ද නොවේ. ඔහුට කිසිදු අධිකාරියක් තිබීමට නීතිමය පදනමක් ද නොමැත. තේරී පත් නොවූ පුද්ගලයෙකු රජයක් භාර ගැනීම සඳහා වන තාක්ෂණික යෙදුම පිළිබඳ දැනගැනීමට අපි ද කැමැත්තෙමු!
මස්ක් ෆෙඩරල් ආන්ඩුවට කිරීමට උත්සාහ කරන දෙය ඔහු ට්විටර් සමාජ වේදිකාවට කළ දේ හා සමීපව පිළිබිඹු කරයි, එහිදී ඔහු වැඩ කරන මිනිස්සු ඉවත් කිරීම හෝ ඔවුන්ගේ රැකියාව පවා නොදැන ඔවුන්ව ඉවත් කිරීම, ඔහුට නොතේරෙන විවේචනාත්මක මෘදුකාංග වලින් වැඩකිඩ දැමීම ඔහුගේ ක්‍රියා කලාපයේ පොඩි කොටසකි. එපමණක් නොව මස්ක් ට්විටර් පවරා ගැනීමෙන් පසු සමාගමේ වටිනාකමෙන් සියයට 80 ක් පමණ අහිමි වී ඇතැයි පැවසේ.
ආණ්ඩුවක් යනු සමාජ මාධ්‍යජාලාවක් නොවේ. ෆෙඩරල් ආන්ඩුව ක්‍රියා කරවීම ම අපහසු වන ලෝකයක ඒ ආණ්ඩුවට වන්නේ ද ට්විටර් වලට උන එකේ අනිකය. සමාජ ආරක්ෂණය, වෛද්‍ය ප්‍රතිකාර, බදු ආපසු ගෙවීම්, ප්‍රතිලාභ, රජයේ සේවකයන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම්, රජයේ සියලුම බිල්පත් ගෙවීමෙන් මස්ක් මූලිකත්වය ගෙන සිටින්නේ ඊසි කියා සිතමිනි. ට්විටර් වැනි සමාජ මාධ්‍ය වේදිකාවක ඕනෑම ඇනහිටීමක්, කෙටි එකක් වුවද, ආණ්ඩුවක් මෙල්ල කිරීමේ අනිසි විපාක තුළ ආර්ථිකය විනාශයන් මෙන්ම මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව ද අනතුරේ හෙළයි.
මස්ක් තම අනෙකුත් ව්‍යාපාර බංකොලොත් භාවයේ අද්දරට ගෙන ගොස් ඇති අතර, ඒවා පවත්වාගෙන යාම සඳහා ඩොලර් බිලියන 4 කට වඩා වැඩි රජයේ සහනාධාර ප්‍රයෝජනයට ගෙන ඇති බව ද සැලකේ.
ටෙස්ලා සමාගම, මස්ක් මිලදී ගත් නමුත් ඔහු ආරම්භ කළ බව මවාපාමින්, මේ වසරේ පමණක් ආපසු කැඳවන ලද වාහන මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් ද ඇත. අනෙක් පැත්තකින් ඔහුගේ රොකට් පිපිරෙනවා හරියට අහසේ දිස්වෙන මල්වෙඩි අයුරිනි.
මස්ක්ට අවශ්‍ය වන්නේ ඔහු ස්වයං සාදන ලද ප්‍රකෝටිපතියෙකු බව අප තුළ විශ්වාසයක් ඇති කිරීමයි.
යාවත්කාලීන නවතම තොරතුර නම් ඔහු චීනයෙන් ඩොලර් බිලියන 1.4 ක ණයක් ලබාගෙන තිබීමයි.
වසර ගණනාවක් පුරා, ඔහු ව්ලැඩිමීර් පුටින් සමඟ නිතිපතා කතා කරමින් සිටින අතර, ට්විටර් මිලදී ගැනීමේ ඔහුගේ ගනුදෙනුවට සෞදි අරාබිය සහ කටාර් රාජ්‍ය විසින් අර්ධ වශයෙන් අරමුදල් සපයන ලදී.
මේ යන විදියට ඇමරිකානුවන් පාලනය කිරීමට යන්නේ නීතිය කඩ කරන, පුටින්ට හසු වූ, චීනය සහ සෞදි අරාබිය සමඟ ගනුදෙනු කරන ජඩ ව්‍යාපාරිකයෙකු විසින් නම්, එය අවම වශයෙන් ඇමරිකානුවන් විසින් තෝරා පත් කර ගත් තැනැත්තෙක් විය යුතුම ය. දැන් ට්‍රම්ප් රූකඩයක් වෙමින්, මොළ කකුළුස් මස්ක් වෙමින් පවතී.