මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් පොලිස් ස්ථාන 3ක් වෙත!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ (LNW):

මෙරටට ඩුබායි සිට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ බෙලිඅත්ත, අකුරැස්ස පොලිස්ථාන වෙත භාරදී ඇති බව වාර්තා වේ.

වෙඩි තැබීමේ සිද්ධීන් 4 ක් සහ පුද්ගලයෙකුට පහරදී නිවසකට අලාභහානි කිරීමේ සිද්ධියකට සැකකරුවෙකු වූ කදන්ගම දෙණියේ ගෙදර ප්‍රදීප් සදරුවන් නොහොත් කොලොන්නාවේ චන්දන වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දුන් බව, පොලීසිය සඳහන් කළේය.

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනයට අදාළ සැකකරුවෙක් වන අතර, ඔහු වැඩිදුර විමර්ශන සඳහා බෙලිඅත්ත පොලීසියට භාරදී ඇත.

2008 වසරේ නොවැම්බර් මස 01 වැනි දා අකුරැස්සේදී සුනිල් විජේසිංහ නැමැති පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම ඇතුළු ඝාතන දෙකක් සම්බන්ධයෙන් සැකකෙරෙන නාඩ කන්දගේ උපාලි නොහොත් රොටුඹ උපාලි නැමැත්තා ද ඊයේ ඩුබායි සිට මෙරටට රැගෙන ආ අතර, ඔහු වැඩිදුර විමර්ශන සඳහා අකුරැස්ස පොලීසියට භාරදී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ , විවිධ අපරාධ සිදු කර විදේශයන් වෙත පළා ගොස් සිටින අපරාධකරුවන් 65 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙක්සිකෝවේ ගොවිපලකින් රහසිගතව පුළුස්සන ලද මෘත ශරීර රැසක් සොයා ගැනේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකානු ප්‍රාන්තයේ ජාලිස්කෝ...

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

මගේ ජීවිතේ තරුණ කාලේ ජ.වි.පෙ. න් ලැබුන රළු භෞතිකවාදී...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...