කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

Date:

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW:

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය අවුරුදු 12 න් පහළ සත් සාමාජික පාපන්දු තරගාවලියක් සංවිධානය කර තිබෙනවා.කොළම දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ සහ පාසල් කණ්ඩායම්වලට විවෘත කර ඇති මේ තරගය සඳහා කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ යුතුව ඇත්තේ 2014 ජනවාරි පළමුවනදාට පසුව උපන් ක්‍රීඩකයින් පමණයි.
තරගාවලිය කොළඹ 06 ගජබා ක්‍රීඩාංගණයේ පැවත්වෙන අතර පෙබරවාරි 15 වන දින පෙරවුරු 8.00 සිට තරගාවලිය ක්‍රියාත්මක වෙනවා.තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් ඊට පෙර ලියාපදිංචිය තහවුරු කළ යුතු අතර 0729515151 යන දුරකතන අංකය හරහා අකිලගෙන් හෝ 0777 333367 තරංගගෙන් මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතිනවා.


පළමු සහ දෙවන ස්ථාන සඳහා මුදල් ත්‍යාග පිරිනැමෙන අතර පළමු ස්ථානයට රුපියල් 15000 ක් ද දෙවන ස්ථානයට රුපියල් 7500 ක් ස පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර තරගාවලියේ දක්ෂථම ක්‍රීඩකයාට සහ ගෝල රකින්නාට ද විශේෂ ත්‍යාග පිරිනෑමිමක් සිඳු කරනවා.තරගාවලිය සඳහා ජයග්‍රහණය සඳහා විශ්වාසය ඇති ප්‍රබලම කණ්ඩායම් සහභාගි වෙනු ඇතැයි සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වන අතර තරගාවලියට ඇතුළත්වීම සඳහා කණ්ඩායමකින් රුපියල් 4000 ක් ඇත්ලත්විමේ ගාස්තු ලෙස අය කරනු ලබනවා.


ක්‍රීඩකයන්ගේ වයස සහතික කිරීම සඳහා උප්පැන්න සහතිකය සමඟ ඔහු අධ්‍යාපනය ලබන පාසලෙන් විදුහල්පති සහතිකය සහිත අනන්‍යතාව සහතික කරන පිංතූරයක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...