ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් අතර පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර වෙළඳ හා ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තීරණය කර ඇති බව දිදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී විශේෂයෙන්ම අර්ධ සන්නායක තාක්ෂණය, සෞඛ්‍ය සේවා සහ ආහාර සුරක්ෂිතතාව වැනි ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.

දෙරටේ නායකයන් ද්විපාර්ශ්වික ගනුදෙනු සඳහා දේශීය මුදල් භාවිතය ප්‍රවර්ධනය කිරීමටත්, ආයෝජන අවස්ථා පුළුල් කිරීමටත් එකඟතාව පළ කළහ.

ආපදා කළමනාකරණය සහ සාම සාධක කටයුතු ඇතුළුව වැදගත් අංශ කිහිපයක් සම්බන්ධයෙන් සහයෝගීතා ගිවිසුම් එකොළහක් මෙහිදී හුවමාරු කරගෙන ඇත.

මෙම හමුව හරහා ඉන්දියාව සහ මැලේසියාව අතර පවතින මූලෝපායයික හවුල්කාරිත්වය නව මානයකට රැගෙන යාම අපේක්ෂා කෙරේ.

මැලේසියාවේ පවතින දියුණු අර්ධ සන්නායක පරිසර පද්ධතියෙන් ප්‍රයෝජන ගැනීමට ඉන්දියානු සමාගම් දක්වන උනන්දුව ද විදෙස් මාධ්‍ය මගින් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...