කල් ඉකුත් වූ ජනවරමක් ඇති ආණ්ඩුවේ ගිවිසුම් පිළිගන්න බැහැ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

වර්තමාන ආණ්ඩුව වරමක් නොමැති ආණ්ඩුවක් බවත් ඔවුන්ට වරම ඇත්තේ කල් ඉක-ුත් වූ පාර්ලිමේන්තුව තුළ පමණක් බවත් මෙවැනි වරමක් නොමැති ආණ්ඩුවලට එක එක සංවිධාන සමඟ ගිවිසුම් ගසා මිනිසුන්ගේ ජන ජීවිත විනාශ කිරීමට ඉඩ නොදිය යුතු බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ගෑස් සහ පෙට්‍රල් මිල ඉහළ ගොස් තිබියදී විදුලි බිල තවත් අවස්ථාවක වැඩි කිරීමට ආණ්ඩුව සූදානම් බව යි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මිනුවන්ගොඩ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

විපක්ෂය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ඉල්ලා සිටියත් එය සඟවා ජනතාව පීඩාවට පත්වන ආකාරයට වත්මන් ආණ්ඩුව බදු පිට බදු පනවන බවත් ජනතාවට සහන සැලසීමට රටේ මුදල් නොමැති වුවත් නිදහස් දින තාවකාලික වැසිකිලි පද්ධතියක් ඉදි කිරීම සඳහා රුපියල් ලක්ෂ 142ක මුදලක් වැය කර ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

ප්‍රේමදාස ජනාධිපතිතුමා රට පුරා කර්මාන්තශාලා ඇති කරන විට ඇතැම් විප්ලවවාදීන් එම කර්මාන්තශාලා ගිනිබත් කළ බවත් ඔවුන් දැන් ඒ අතීතය අමතක කොට රට හදන්න අවස්ථාව ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

එසේ ම වත්මන් ආණ්ඩුව ගසන ගිවිසුම්වලට ගරු කිරීමට බැදී නොසිටියත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජනතාව පැත්තේ සිටගෙන ගණුදෙනු කරන බවත් එහි දී මිනිසුන්ගේ පැත්තෙන් සිතා කටයුතු කරන බවත් ඒ සඳහා සමගි ජන බලවේගයට හොඳ හැකියාවක් ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තවද රට හදන්න පුළුවන් කියා දේශපාලන සංදර්ශන කරන විකල්ප කණ්ඩායම 2005 මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට කටයුතු කළ බවත් එබැවින් රට විනාශ කළ රාජපක්ෂ පවුල සමඟ ඩීල් නැති සම්බන්ධ නැති එකම කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගය සතුව බවත් එම නිසා හොරු ඇල්ලීමේ හැකියාව හොඳින්ම ඇති බවත් එසේ හොරු අල්ලා හොරා කන ලද සියලු මුදල් නැවත රටට ලබා ගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...