මොරටුව නව වෛද්‍ය පීඨය සඳහා කුවේට් අරමුදලින් කෝටි 600ක්

Date:

මොරටුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨයේ ඉදි කිරීම් කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 600ක සහනදායි ණය මුදලක් ප්‍රදානය කිරීමට කුවේට් අරමුදල එකඟත්වය පළ කර තිබේ. මේ සඳහා වූ ගිවිසුම්වලට ඉදිරියේදී අත්සන් තැබීමට ද නියමිතය.

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ප්‍රවේශය ඉහළ නැංවීම සහ රට තුළ වෛද්‍ය සේවා වෘත්තිකයන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා මෙසේ වෛද්‍ය පීඨයක් මොරටුව විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ, අධ්‍යාපන අමාත්‍යාංශයේ, උසස් අධ්‍යාපන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ එකඟතාවට පැමිණ ඇත.

මෙම පීඨය කළුතර ශික්ෂණ රෝහල අසල ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. ව්‍යාපෘතිය යටතේ වෛද්‍ය පීඨය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණය සහ අනෙකුත් යටිතල පහසුකම් ඉදිකිරීම, අධ්‍යාපනික ගෘහ භාණ්ඩ හා මෙවලම් සැපයීම, විද්‍යාගාර උපකරණ සහ වෙනත් භාණ්ඩ සැපයීම ඇතුළත් වන අතර, මෙම ව්‍යාපෘතිය 2022-2026 කාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

මෙරට කුවේට් තානාපති Khalaf Dhhair මහතා මෙන්ම, කුවේට් අරමුදලේ පරිපාලන හා මූල්‍ය කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් Nedhal A-Olayan සහ කුවේට් අරමුදලේ නැගෙනහිර, දකුණ ආසියානු හා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ Yonsef Al-Bader මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් තනතුර සීවලි අරුක්ගොඩට!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) සිට බලපැවැත්වෙන...

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!

කොළඹ LNW:කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වනවිට...

රනිල් අධිකරණයට රැගෙන නොයාමට තීරණයක්: ‘සූම් ඔස්සේ සම්බන්ධ කර ගැනීමට පියවර’

රාජ්‍ය මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ...

රජය විසින් ගත් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: රජය විසින්, පළාත් පාලන...