IOC එකට සාපේක්ෂව තෙල් සංස්ථාවට තීන්දුවක් ගන්න සිද්ද වෙයි – ඩලස්

Date:

ලංකා අයිඕසී සමාගම ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයත් සමග ලංකා ඛනිජ තෙල් සංස්ථාවටද තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

කෙසේ නමුත් ඉන්ධන මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් මේ දක්වා ආණ්ඩුව තුළ හෝ කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බවද ඔහු ප්‍රකාශ කරනවා.

අයිඕසී සමාගම පසුගියදා පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට කටයුතු කළ අතර කෙසේ නමුත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ඛනිජ තෙල් සංස්ථාව මිල ඉහළ දැමීම සඳහා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

සිමෙන්ති හිගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා සඳහන් කළේ සිමෙන්ති හිගය මගහරවා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යංශයටත්, මහ බැංකුවටත්, රේගු දෙපාර්තමේන්තුවටත් ලබා දී ඇති බවයි. අලුතෙන් ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා සිමෙන්ති හිගයෙන් සැළකිය යුතු බලපෑමක් සිදු නොවන බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ව්‍යාපෘති ආරම්භ කරන පළමු අවස්ථාවේදී සිමෙන්ති අත්‍යවශ්‍ය නොවන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලට දින 4 කදී බිලියන 202 ක් අහිමි වෙයි !

පිටපිට සිව්වැනි දිනටත් කොළඹ කොටස් වෙළඳපොලේ පසුබෑමක් ඊයේ (18)...

සෝමවංශ වංශකතාව ….

88 - 89 සන්නද්ධ අරගලය සමූල ඝාතනය වූ පසු...

වැලිවිටිය දිවිතුර සභාවේ බලය පොහොට්ටුවට

ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී...

ජනපති අනුරගේ ජර්මන් සංචාරය ගැන අසත්‍ය ප්‍රකාශයක් කළැයි ගම්මන්පිලට එරෙහිව CID විමර්ශනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජර්මනියේ සංචාරයේ නිරතව...