පුෂ්පිකාට වැඩ වරදී …

Date:

පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමිව තිබුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජින පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජින සංවිධාන කමිටුව කටයුතු කර තිබේ.

එම කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය වෙනුවෙන් දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන තම සංවිධානයට පැවරී ඇති නීත්‍යානුකූල බලතල අනුව පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද (08) සිට ශ්‍රී ලංකා විවාහක රූ රැජින යන නාමය දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් හෝ මොනයම් ආකාරයකින් හෝ භාවිතා කිරීම තහනම් කෙරෙන බවයි.

පසුගිය දිනවල පුෂ්පිකා ද සිල්වා විසින් ශ්‍රී ලංකා විවාහක රූ රැජින සංවිධාන කමිටුව වෙත එල්ල කළ අසත්‍ය චෝදනා හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...