*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ඩී.එස්.රණවකගේ මනෝ විද්‍යා පාඨමාලාව ඇත්තක්ද? බොරුවක්ද? – පාඨක ප්‍රතිචාර සහ ලියුම්කරුගේ ප්‍රතිඋත්තරය

”මනෝවිජ්ජාවෙන් රටක් රවටන ඩී.එස්.රණවක” මැයෙන් පළ වූ ලිපියට LNW පාඨකයෙක් ප්‍රතිචාර දක්වා තිබුණි.එහිදී එම පාඨකයා උක්ත ලිපිය සකස් කරන ලද තිඹිරියාගම බණ්ඩාර සමඟ එකඟ නොවන අතර එම ලිපිය හරහා ඩී.එස්.රණවක මහතාගෙන් මනෝවිද්‍යාව ඉගැන්වීම පිළිබඳ තිඹිරියාගම බණ්ඩාර ඉදිරිපත් කරන කරුණු සමඟ එකඟ නොවන බව අවධාරණය කරයි.

කෙසේවෙතත් අප වෙබ් අඩවියේ පළවන ප්‍රවෘත්ති මෙන්ම විශේෂාංග ඇතුළු සියලු ලේඛනයන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තිබේ.

ඒ අනුව අදාළ පාඨකයා විසින් ”මනෝවිජ්ජාවෙන් රටක් රවටන ඩී.එස්.රණවක” යන මැයෙන් පළවූ ලිපියට අප වෙත යොමුකර තිබූ පිළිතුරු ලිපිය අප විසින් කිසිදු සංස්කරණයකින් තොරව පළකරන අතර ඊට තිඹිරියාගම බණ්ඩාර විසින් දක්වා තිබෙන ප්‍රතිපිළිතුරු ලිපියද මේ සමඟම පළකර සිටිමු.

……………………………………….

ඩී.එස්. රණවකගේ මනෝ විද්‍යා පාඨමාලා ජාවාරම – තිඹිරියාගම බණ්ඩාර

හිතවත් කතෘතුමා, LNW

ඉතා සුලු ප්‍රමාණයක නිවුස් වෙබ් සයිට් ඇති අප වැනි රටක, LNW මා හඳුනාගන්නේ ඉතා වැදගත් සහ බුද්ධිමය සංවාදයක් ගොඩ නගනමින් විචාරශීලි (මඩ නොවන) සහ තොරතුරු සම්පාදනයේ යෙදෙන ලේඛන කාර්යයක් ලෙසයි. සාම්ප්‍රදායික මුද්‍රිත මාධ්‍යට සාපේක්ෂව LNW වෙනත් මට්ටමක ඇත. මේ සඳහා ඔබගේ වෙබ් අඩවිය තුල එක තුල ඕනැ තරම් උදාහරණ ඇත. ඔබ කිසි විටෙක “චිවාරශීලි සහ දැනුම පදනම් කරගත් නොගත් මාධ්‍යයෙන් ඔබ්බට නොයන බව මා දැක අත.

එහෙත්, තිඹිරියාගම බණ්ඩාර නැමැත්තෙකු විසින් ලියන ලද “ඩී.එස්. රණවකගේ මනෝ විද්‍යා පාඨමාලා ජාවාරම” ලිපිය LNW පල කිරීම ගැන අතිශයින්ම කණගාටු වෙමි.(ඇතැම් විට මෙය LNW ට මුදල් ගෙවා පල කර එකක් විය හැක, නැතිනම් තිඹිරියාගම බණ්ඩාර නැමැත්තාට කවුරුන් හෝ මුදල් ගෙවා ලියවා පල කරනවා විය හැක. වර්තාමාන මාධ්‍ය භාවිතය තුල එය පිලිගැනීමට සිදු වේ.)

තිඹිරියාගම බණ්ඩාර නම් මේ පුද්ගලයා මීට පෙර ද මේ ආකාරයට මේ කාරණය ගැන ලියා ඇත. පොදු මාධ්‍යය ව්‍යවහාරය තුල මෙය හුදෙක් “මඩක්” හැර අන් දෙයක් නොවේ යැයි සිතමි. මේ පුද්ගලයා ද මනෝ විද්‍යා විෂය ගැන මෙලෝ දැනුමක් ඇතිව එය ලියා නැත, එය ඔහුට සුපුරුදු මඩ භාෂාවෙන් සහ අරමුනෙන් ලියා ඇති බව නිරික්ෂණය කල හැක. අනිත් අතට, ඩී.එස්.රණවක හමු වී ඔහු සමඟ සාකච්ඡා නොකර මේ ලිපිය ලියා ඇත.

අප ලංකාව වැනි රටක මනෝ විද්‍යාව විෂයක් සහ වෘත්තියක් ලෙස හඳුන්වා දීමටත්, එයින් මානසික ගැටලු විසඳිය හැකිය යන මතය සමාජය තුල ප්‍රචලිත කිරීමට 1980 දශකයේ සිට ඩී.එස්. රණවක විශාල කැප කිරීමක් කර ඇත. එමෙන්ම, පාසල් පද්ධතිය තුල අධ්‍යාපන ගැටලු මනෝ විද්‍යාත්මකව විශ්ලේෂණය කල හැකිය යන මතය ගොඩ නැගීමට මුල් වු අය අතර ඩි.එස්. රණවක ද විද්වතෙකි.

ඩි. එස්. රණවකගේ ශාස්ත්‍රීය සුදුසුකම් වන්නේ, අධ්‍යාපනවේදය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නා ශාස්ත්‍රීය උපාධියයි, ඒ තුල මනෝ විද්‍යාව ද විෂයකි. මනෝ විද්‍යාව වෙනම ස්වාධීන විෂයක් ලෙස අධ්‍යනය කිරීම ලංකාවේ ආරම්භ වන්නේ 1980 දශකයේය, ඒ සඳහා ඩි.එස්. රණවක වැනි කොලඹ විශ්ව විද්‍යාලයේ විද්වතුන් බොහෝ දෙනෙකු එදා දායක වුහ.

1990 කාලයේ, ලංකාවේ කිර්තිමත් මානසික රෝග චිකිත්සකයින් වු දියනාත් සමරසිංහ, රවින් හංවැල්ල, හේමමාලි පෙරේරා, සහ ප්‍රකට අධ්‍යාපන සහ සංවර්ධණ මනෝ විද්‍යා දේශකයෙකු වු දයා රෝහණ අතුකෝරල වැනි අය ඩි.එස්.රණවකගේ මනෝ විද්‍යා ආයතනයේ දේශකයින් ලෙස කටයුතු කර ඇත.

1990 වන විටත් ශ්‍රී ලංකාවේ මනෝ විද්‍යාව විෂයක් ලෙස අධ්‍යනය කිරීමට තරම් ශාස්ත්‍රිය පහසුකම් නොතිබිණි. මේ පසු බිම යටතේ, ඩි.එස්.රණවක විසින් මනෝ විද්‍යා අධ්‍යන ආයතනය ආරම්භ කර මනෝ විද්‍යාව උගැන් වීමට ආරම්භ කෙරිනි. ( අවශ්‍ය නම් ලංකාවේ මනෝ විද්‍යාව ශාස්ත්‍රීය විෂයක් ලෙස ගොඩ නැගෙන ආකාරය තිඹිරියාගම බණ්ඩාරට කියා දිය හැක)

මෙහිදි මා අවධාරණය කරන්නේ දැනට ඩි.එස්.රණවක කරන සියලුම වෘත්තිය වැඩ කිරීමට ඔහුට සුදුසුකම් තිබෙන බවයි. ඩි. එස්. රණවකගේ මනෝ විද්‍යා ආයතනයේ විසින් හදාගත් සංගමයේ යම් යම් අඩුපාඩු තිබිය හැක. (මේ වැනි සංගම් අප රටේ අනන්තවත් ඇත!) තිඹිරියාගම බණ්ඩාර වැනි අඳබාල මාධ්‍යවේදින් කියා ගන්නා අය තමන් නොදන්න විෂයන් ගැන ලිවිමෙන් වැලකි සිටිම හොඳය, එවිට ඔහුගේ නොදන්නා කම ප්‍රදර්ශනය නොවේ. කිසිම සුදුසුකමක් නැතිව කල හැකි ඇති රැකියා කිහිපය අතර ලංකාවේ තිබෙන එක් රැකියාවක් වන්නේ ද මාධ්‍යවේදයයි. තිඹිරියාගම බණ්ඩාර ද එවැන්නෙකි, එම නිසා තමන් නොදන්නා විෂයක සිට අනුන්ගේ සුදුසුකම් නොසොයා තමන්ගේ වෘත්තීය සුදුසුකම් දියුණු කරගත යුතුයි.

කෙසේ වෙතත්, මා ඉතා ගරු කරන, බොහෝ දුෂ්කරතා මැද පවත්වාගෙන යන LNW මේ ආකාරයේ මඩ ලිපි පල කිරීම ගැන ඉතා කණගාටු වෙමි. සමාජයේ සිටින මිනිසුන් සියලුම දෙනා මෝඩයින් හෝ නුගතුන් යැයි සිතමින් මාධ්‍යකරණයේ යෙදීම මාධ්‍යකරුවාගේ නොදැනුවත් බවයි.

සත්‍ය සහ දැනුම ඇති වුන් නිහඩ ව සිටින විට තිඹිරියාගම බණ්ඩාර වැනි ගොබ්බයින් අඬහැර පෑම අපුල දනවන සුලුය!

ස්තුතියි!

LNW පාඨකයෙක්

තිඹිරියාගම බණ්ඩාරගේ ප්‍රතිඋත්තර ලිපිය.

වළෙන් ගොඩ එනු වෙනුවට වළ තව හාරා ගැනීම

මනෝවිජ්ජාවෙන් රටක් රවටන ඩී.එස්.රණවක මැයෙන් මා ලියූ ලිපියට LNW පාඨකයෙක් නමින් අයෙක් ප්‍රතිචාර දක්වා තිබිණ.

තමන්ගේ නමින්වත් පෙනී සිටීමට තරම් පිට කොන්දක් නොමැති අයකු වුව ද ඊට ප්‍රතිචාර දැක්වීම මගේ වගකීමකි.
පිළිතුරු දීමට තරම් ශක්තිමත් ලෙස කරුණු දක්වා නැතත් කෙටියෙන් හෝ කරුණු දක්වමි.

  1. LNW වෙත මුදල් ගෙවා මෙය පළකර ඇතැයි ලියුම්කරු කියයි.එවැන්නක් සිදුවී නොමැති බවට එහි සියලු දෙනා සාක්ෂි දරති.මුලින් LNW ට කළ ප්‍රශංසාව ලියුම්කරු තම චෝදනාවෙන් නිෂේධනය කරයි.හොඳ ලියවිල්ලක එබඳු පරස්පරතා තිබිය හැකිද?”

2.එසේ නැති නම් තිඹිරියාගම බණ්ඩාරට කවුරුන් හෝ මුදල් ගෙවා ලියවා ඇතැයි ද චෝදනාවකි.හොඳයි එසේ කර ඇතැයි නිගමනය කරමු.ලිපියේ නගා ඇති චෝදනා සත්‍යද? අසත්‍යයද?වැදගත් වන්නේ එය නොවේද?වටේ නොයා කෙළින් ම එන්න!

3.මේ පුද්ගලයා මනෝ විද්‍යා විෂය ගැන මෙලෝ දැනුමක් නැති ව එය ලියා ඇතැයි ද චෝදනාවකි.ඒ පිළිබඳ ව ලිපියේ ඇති
කරුණු ම උපුටමින් තර්කය ගොඩ නැගුවා නම් වඩා හොඳ ය.එවිට පිළිතුරු දිය හැකි ය.

4.ඩී.එස්.රණවක හමු වී ඔහු සමග සාකච්ඡා කර මෙය ලිවිය යුතුව තිබිණැයි ද චෝදනාවකි.
උරුලෑවා ගිය පාර හඳුනාගන්නා විදිය ගැන ඇති ජනකියමන කවුරුත් දනිති.රණවකගේ මුළු පාඨමාලා ඉතිහාසයම දූෂිත ය. ඔබා බලන්නට දෙයක් නැත. micp,sicp සහතික ඔහුට ලැබුණේ කොහෙන් ද?විශ්ව විද්‍යාලයකින් ද?නැත.සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ඔහු විසින් ම ලියාපදිංචි කරන ලද අධ්‍යාපනයට අදාළ නැති ස්වේච්ඡා සමිතියකිනි. තම සුදුසුකම් ඔප්පු කරන්නැයි දුන් අවස්ථා සියල්ල ඔහු මගහැර ඇත.මෙවන් පුදගලයකු සමග කුමන සාකච්ඡා ද?

5.රණවක 1980 සිට මනෝ විද්‍යා විෂය ප්‍රචලිත කිරීම සඳහා විශාල සේවයක් කර ඇතැයි LNW පාඨකයා කියයි. ඔහු ප්‍රචලිත කර ඇත්තේ මනෝවිද්‍යාව ද නොඑසේ නම් මිථ්‍යාව ද යන්න පරීක්ෂා කර බැලීමට කැමති අය ඔවුන්ගේ ආයතනයෙන් නිකුත් වන ඊණියා මනෝවිද්‍යා සඟරාව කියවන්න.ඔහුගේ පාඨමාලාවෙන් සහතික ලැබූ ගෝබාලයන් මනෝවිද්‍යාවේ නාමයෙන් රට පුරා කරන වංචාව සොයා බලන්න.

6.ඩී.එස්.රණවකගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කියන එම පාඨකයා කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනවේදය උපාධිය ලබා ඇති බවත් ඒ තුළ මනෝවිද්‍යා විෂය ද ඇති බවත් කියයි. එහෙත් ඔහුගේ නම අගට භාවිත කරන micp,ficp ගැන කිසිවක් නොකියයි. ඒවා හොර සහතික නිසාය. මනෝවිද්‍යා විෂයද ඇතුළත් අධ්‍යාපනවේදී උපාධි ලැබූ දහස් ගණනක් මෙරට සිටිති. මේ කිසිවෙක් මනෝ විද්‍යාඥයන් ලෙස පෙනී නොසිටිති. ව්‍යාජ ආයතන පවත්වාගෙන යමින් හොර සහතික තමන් ලබාගෙන අනුන්ටත් නොදෙති. තිඹිරියාගම බණ්ඩාරගේ මූලික උපාධියද කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලැබූ එකකි. සමාජ විද්‍යාව සහ මනෝ විද්‍යාවද එම උපාධියෙහි මුල් අදියරට ඇතුළත් ය. එහෙත් තිඹිරි මනෝ විද්‍යාඥයකු ලෙස පෙනී නොසිටියි.

7.රණවකගේ පාඨමාලාවල දේශකයන් ලෙස දියනාත් සමරසිංහ,රවීන් හංවැල්ල,හේමමාලි පෙරේරා සහ දයා රෝහණ අතුකෝරල කටයුතු කර ඇතැයි LNW පාඨකයා පවසයි. එයින් එම පාඨමාලාවට සුජාත බවක් නොලැබේ. මෙහිදී ව්‍යාජ පාඨමාලාවක දේශන පැවැත්වීමෙන් ඔවුන් ද කර ඇත්තේ බලවත් වරදකි. ජීවතුන් අතර සිටිනවා නම් ඔවුන් ද මෙයට වගඋත්තර බැඳිය යුතු ය.

8.1990 සිට මනෝවිද්‍යා විෂය ප්‍රචලිත කිරීම කිරීම සඳහා පසුබිම සකස් කිරීම රණවක විසින් කර ඇතැයි මේ පාඨකයා කියයි.
ඔහු ප්‍රචලිත කර ඇත්තේ වංචාව,බොරුව,සමාජ බලය අවභාවිතය හා ශාස්ත්‍ර දූෂණය බව ඉහත කරුණුවලින් පමණක් වුව ද ඔප්පු වේ.

9.තම වෘත්තිය සඳහා ඔහුට සුදුසුකම් ඇති බවත් හදාගත් සංගමයේ යම් යම් අඩුපාඩු ඇති බවත් පාඨකයා කියයි.
අඳෝමැයි!සුදුසුකම් මොනවා දැයි පේනවනේ.හදාගත් සංගමය මරණාධාර සමිතිය වැනි එකකි. එවැනි සමිතියකින් ලොව පිළිගත් මනෝ විද්‍යා පාඨමාලා පැවැත්වීම හෝ සහතික ලබා දීම කළ නොහැක. තමන්ගෙ මැට්ටං තම්මැට්ටං කීවාක් මෙන් රණවක මුලින් ම එම සමිතියෙන් තමන්ම මනෝ විද්‍යා සහතික ලියවා ගත්තේ ය. මොන ලැජ්ජා නැති වැඩක් ද?මේ රටේ නීතිය හරි හැටි ක්‍රියාත්මක වූවා නම් ව්‍යාජ සහතික තමන් ලබාගෙන අනුන්ටත් ලබා දී රජය ද රැවටීම සම්බන්ධයෙන් ඔහුගේ ලෙඩේට නියම බේත දිය යුතු ය.

ඊනියා පාඨකයාටත් රණවකටත් මෙසේ කියමි.වටේ නොයා කෙළින් එන්න!

තිඹිරියාගම බණ්ඩාර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan