පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පහරදීමක් ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් ඊයේ (පෙබරවාරි 08) සිදුවූ බව කියන පහරදීමක් හේතුවෙන් රෝහල්ගතව තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඔහු සඳහන් කළේ දේශපාලන හේතුවක් මත වෙනත් පක්ෂයක ආධාරකරුවකු විසින් මෙම පහරදීම සිදුකළ බවයි.

ඊයේ උදෑසන හයට පමණ තම පියාට සහ සහෝදරයාට පුද්ගලයකු විසින් මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිටදී පහරදී තිබුණු බවත් තමන් කොළඹ සිට පැමිණ රෝහලට යන අවස්ථාවේදී එම පුද්ගලයා තමන්ට බැනවැදුණු බවත් තමන් මේ ගැන පැමිණිලි කිරීම සඳහා පොලිස් ස්ථානයට යද්දී පසුපසින් පැමිණි එම පුද්ගලයා තමන්ට හෙල්මට් එකකින් පහරදුන් අතර පොලිස් ස්ථානය තුළදීත් පහරදීමට උත්සාහ කළ බවත් මන්ත්‍රීවරයා මාධ්‍යට ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත් එරාවූර් පොලීසිය සඳහන් කර ඇත්තේ මන්ත්‍රීවරයාට පහරදීමක් සිදු නොවුණු බවත් දෙදෙනා තල්ලු කරගැනීමක් පමණක් සිදුවූ බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...