පියුමි හංසමාලිගේ විමර්ශනය CIDය හොඳටම කරලා ?

Date:

ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි වත්කම් උපයපු ආකාරය ගැන හොයන්න විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට මාස කිහිපයකට කලින් ආරම්භ කළා.

මේ වෙද්දී පුදුමාකාර උනන්දුවකින් මේ විමර්ශනය සිද්ධ වෙනවා ලු.

තමන් විශාල ධනයක් උපයා ගත්තේ සම පැහැපත් කරන ක්‍රීම් වර්ගයක් අලෙවි කිරීමෙන් බව තමයි පියුමි හංසමාලි තමන්ගෙන් ප්‍රශ්න කරපු CID නිලධාරීන්ට කියලා තිබුණේ. CIDය පහුගිය දවස්වල මේ ක්‍රීම් මිලදී ගත්තු අය හොයාගෙන ඔවුන්ගේ ගෙවල්වලට ගිහින් ප්‍රශ්න කරලා. ටික දෙනෙක් නෙවෙයි, දාහකට අධික පිරිසකගේ ගෙවල්වලට ගිහිල්ලා ප්‍රශ්න කරලා කියලායි ආරංචිමාර්ග කියන්නේ.

මේ ක්‍රීම් වර්ගය ගැන දැනගත්තේ කොහොමද, මේවා මිලදී ගත්තේ කොහොමද කියලා වගේම ක්‍රීම් ගන්න සල්ලි කොහෙන්ද කියලාත් CID නිලධාරීන් ප්‍රශ්න කරලා ලු. සමහර ගෙදරකට යද්දී ක්‍රීම් මිලදී ගත්තු බිරිඳ පිටරට ගිහින්, ගෙදර ඉන්නේ සැමියා විතරයි ලු. රට ගියපු බිරිඳව ආපහු ගෙන්වන්න පුළුවන්ද කියලාත් CID නිලධාරීන් සැමියාගෙන් අහලා තියෙනවා ලු. එච්චරටම උනන්දුව !

ඔය අතරේ ක්‍රීම් ගැන හොයන්න ගිය සමහර ගෙවල්වල තිබුණු මිල අධික මත්පැන් බෝතල් ඇතුළු සුඛෝපභෝගී දේවල් ගැනත් CIDය සෑහෙන අවධානයක් යොමුකරලා කියලා ආරංචියි. සමහර තැන්වලදී අනවශ්‍ය ආකාරයෙන් මේ ක්‍රීම් පාරිභෝගිකයින්ව ප්‍රශ්න කිරීමට ලක්කරලා තිබුණා කියලා කියවෙනවා.

ජාතික වැදගත්කමක් තියෙන සිද්ධියක් සම්බන්ධයෙන් හරි මහා පරිමාණ මහජන මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් නම් හරි මෙහෙම විමර්ශනයක් කෙරෙනවා නම් ලොකු දෙයක්නෙ. ඒත් එහෙම දෙයක් නොවෙන සිද්ධියක් ගැන මේ තරම් උනන්දුවකින්, මේ තරම් හොඳටම විමර්ශනය කරන්න CID කට්ටිය බැහැලා ඉන්නේ පොලීසියේ බාසාවෙන්ම කියනවා නම් “ඉල්ලමක් පාදාගන්න” කියලා තමයි තතුදත් උදවිය කතා වෙන්නේ …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...