දිල්ලි මහා ඇමති පරාජිතයන් අතර ඉහලින්ම; ආසනය පවා අහිමි වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දිල්ලි සභා මැතිවරණයෙන් ආම් ආද්මි පක්ෂය (AAP) දැවැන්ත පරාජයකට මුහුණ දෙමින් AAP හි නායක සහ හිටපු මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්ට සිය ආසනයද අහිමිව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අගමැති මොදිගේ භාරතීය ජනතා පක්ෂය වසර 26 ක විරාමයකින් පසු දිල්ලියේ නැවත බලයට පත් ව ඇති අතර ඔවුන් භාරතීය ජනතා පක්ෂය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ තුනේදීම දිල්ලියේ ආසන හතම ජයග්‍රහණය කර ඇති නමුත් සෑම වසර පහකට වරක් පැවැත්වෙන සභා මැතිවරණයේදී දිලියේ ඡන්දදායකයින් දිනා ගැනීමට මේ දක්වා අසමත් වී ඇත.

මිලියන 33කට අධික ජනතාවක් වෙසෙන සහ ජාතික අගනුවර වන නවදිල්ලිය පිහිටා ඇති දිල්ලිය ඉන්දියාවේ දේශපාලන බලයේ කේන්ද්‍රස්ථානයයි. ඒ අනුව දිල්ලිල දිනාගත හැකිනම් අනෙක් ඕනෑම ප්‍රාන්තයක් දිනාගත හැකි බවට ප්‍රකට මතයක් තිබේ.

අගමැති මොදිගේ ප්‍රබල විවේචකයකු වන කෙජ්රිවාල් පසුගිය වසරේ ජාතික මැතිවරණයට පෙර දූෂණ චෝදනා මත ඉන්දියාවේ මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහුගේ නියෝජ්‍ය සිසෝඩියා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් මාස 17ක් දිල්ලියේ තිහාර් බන්ධනාගාරයේ ගත කර ඇත.

ඔහුගේ නඩු විභාගය දිගටම පවතින අතර මෙම නඩුව සම්බන්ධයෙන් එහි නායකයින්ගේ නිර්දෝෂීභාවය ප්‍රකශ කරමින් භාරතීය ජනතා පක්ෂය විසින් දේශපාලන පළිගැනීමක් ලෙස සැලකුව නමුත්, ජනතාව මේවන විට මොදිගේ පක්ෂය ජයග්‍රහණය කරා ගෙනගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම්වලට තෝරා ගැනීම් සඳහා පරීක්ෂණ

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 28...

අභියාචනාධිකරණයේ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල්, රොහන්ත අබේසූරියගේ නම යෝජනා වේ!

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත...

ඇන්ජලෝට දෙපිළේම ගෞරවය

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: දීර්ඝ ටෙස්ට් ක්‍රිකට් තරග...

‘සයුර’ධීවරදෑත් සුරකිනු ඇත!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : කෘෂිකාර්මික හා ගොවිජන...