2025 වර්ෂයේදි පොල් පැළ මිලියන 2.5ක් වගාකිරීමේ වැඩපිළිවෙළක් !

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ (LNW):

කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කරන බව පොල් වගාකිරිමේ මණ්ඩලය පවසයි. ඒ පොල් වගාව ව්‍යාප්ත කිරීම සදහා බව , එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, එම ක්‍රියාවලියේ පළමු වැඩසටහන එළඹෙන 17වනදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවත්, කප්රුක ණය යෝජනා ක්‍රමයට සමගාමීව මෙම කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කිරීම ද ඉදිරියේදි ක්‍රියාත්මක වන බවයි.

2025 වර්ෂයේදි පොල් පැළ මිලියන 2.5ක් වගාකිරිම සදහා පොල් වගාකිරීමේ මණ්ඩලය සැළසුම් කර ඇති අතර, ඉන් පැළ මිලියනයක් උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රීතව සිටුවීමට කටයුතු කරන බවද වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් සදහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...