පකිස්ථානයේ පන්ජාබ්හි සරුංගල් යැවීම දඬුවම් ලැබිය හැකි වරදක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානයේ වඩාත්ම ජනාකීර්ණ පන්ජාබ් පළාත මහජන ආරක්ෂාව පිළිබඳ ගැටළු හේතුවෙන් සරුංගල් යැවීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බව වාර්තා වේ.

මිට හේතුවී ඇත්තේ සෑම වසරකම බසන්ට් උත්සව සැමරීමේදී වීදුරු, ලෝහ-ආලේපිත හෝ නයිලෝන් නූල් නිසා සෑම වසරකම සිදු වන තුවාල සහ මරණ දුසිම් ගනනක් සිදුවීමැයි.

මේ හේතුවෙන් පන්ජාබ් සභාව පසුගිය මාසයේ සරුංගල් පියාසර කිරීම තහනම් කිරීමේ (සංශෝධන) පනත 2024 නිල වශයෙන් සම්මත කරන ලද අතර එමඟින් සරුංගල් පියාසර කරන්නන්, නිෂ්පාදකයින්, ප්‍රවාහනය කරන්නන් සහ විකුණුම්කරුවන් සඳහා වැඩි දියුණු කළ සිර දඬුවම් සහ දැඩි දඩ මුදල් හඳුන්වා දෙන ලදී.

පෙර පැවති නීතියට අනුව, සරුංගල් යවමින් අල්ලා ගන්නා පුද්ගලයින්ට වසර තුනක සිර දඬුවමක් හෝ රුපියල් 100,000 (ඩොලර් 360) දක්වා දඩයක් හෝ ඒ දෙකම පැනවිය හැකි අතර දැන්, ඔවුන්ට වසර පහක සිරදඬුවමක් හෝ රුපියල් මිලියන දෙකක (ඩොලර් 7,200) දඩයකට හෝ ඒ දෙකටම යටත් විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...