මහවැලි ඊ කලාපයේ කුරුඳු වගාව ප්‍රචලිත කිරීමට පියවර!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ (LNW):

මහවැලි ඊ කලාපයේ කුරුඳු වගාව ප්‍රචලිත කිරීම ආරම්භ වී ඇත. ඒ බෝග නිෂ්පාදනයේ දී ඇතිවන වන අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස බව සඳහන් වේ.

ඒ අනුව, මහවැලි ඊ කලාපයේ හෙට්ටිපොල විල්ගමුව කොට්ඨාස තුළ කුරුඳු දු වගාව ප්‍රචලිත කිරීමට පියවර ගෙන තිබෙන අතර, එම කාලපයේ පැවැත්වෙන පුනරුද සතියට සමගාමීව විල්ගමුව සහ හෙට්ටිපොල ප්‍රදේශවල සිටින ගොවීන් සිය දෙනෙකු තෝරාගෙන එක් අයෙකු සඳහා කුරුඳු පැල 900ක් මේ යටතේ ලබාදීමට නියමිතයි.

මහවැලි අධිකාරිය පවසන්නේ, කුරුඳු පැල ලක්ෂයක් නව ව්‍යාපෘතිය යටතේ වගා කිරීමට සැළසුම් කර තිබෙන අතර, මෙරට කුරුඳු සඳහා විදේශයන්හි ඉහළ ඉල්ලුමක් පැවතීම හේතුවෙන් මහවැලි ඊ කලාපයේ ගොවීන්ගේ ආර්ථිකය ද ශක්තිමත් කළ හැකි බවයි.

තවද, කුරුඳු වගාවට වන අලින්ගෙන් හානි සිදු නොවීම හේතුවෙන් ගැටලුවලින් තොරව වගාව සිදුකිරීමේ අවස්ථාව ගොවි ජනතාවට හිමිවන බව මහවැලි අධිකාරිය පෙන්වා දේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...