අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මීට ටික වේලාවකට පෙර අත් අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.
2020 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම නිලධාරීන් පිරිසකට විදෙස් ගමන් තහනමක් පැනවීමේ සිද්ධියට අදාළව “අයුතු අවහිරය” යන චෝදනාව යටතේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.




