දිවි දෙවැනිකොට රැකි සොයුරු පෙම…

Date:

දුටු පමණින් හදවත සලිතවන, දෙනෙත් කඳුළින් නොතෙමුණු කෙනෙකු සොයාගත නොහැකි තරමට ඛේදවාචකයක් දුටුවේ තුර්කියෙන් සහ සිරියාවෙනි. අම්මා එක්තැනක මියැදෙද්දී පියා තවත් තැනෙක දරුවන් සොයා දිව යද්දී දරුවන්ගේ සුන්බුන් වත් දැකගත නොහැකි දහස් පිරිස් අතරේ තම සොහොයුරාට කිසිදු අනතුරක් නොවී ඇසිපිය නොහෙළා පැය ගැණනාවක් නිරාහාරව සිට රැකගත් මේ පුංචි අක්කා සැබෑම සහෝදරියක්.

බිමට සමතලා වුණු නිවාසවල සුන්බුන් අතරේ සිරවුණු දරු දැරියන් මුදා ගන්නා හද කම්පා කරවන දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් තිබෙන මොහොතක අපට එය දසුනක් වූවාට එයට මුහුණ දී සිටින්නන් හට ජීව්තේ නැවත ඉපදීමක් වැනිය.

සුන්බුන් අතරේ සිරවී සිටින 7 හැවිරිදි සිරියානු දැරිය, ඇගේ කුඩා සොහොයුරා සුන්බුන්වලින් ආරක්ෂා කර ගනිමින් ඔහු තුරුලු කරගෙන සිටින අයුරු දරාගත නොහැකි වේදනාවක් ගෙනදෙන්නක් මෙන්ම දැරිය පිළිබඳ ඇතිවන්නේ වචන වලට ගලපා ගත නොහැකි අසීමිත සෙනෙහසකි. ඔවුන් මුදා ගැනීමට ආ දිවි ගලවා ගැනීමේ කණ්ඩායම විසින් එම දසුන් වීඩියෝ ගත කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ද පවා එය Share කර ඇති අතර නිර්භීත දැරියට මාගේ හද පිරි ප්‍රණාමය යැයි ඔහු තම ට්විටර් පණිවිඩයක සටහන් තබා ඇත.

ස්වභාධහම විසින් දෙන දඬුවම් දරාගැනීමට අපහසු සේම ඒ වේදනාව වසර ගණනාවක් ජීවිත දසදහස් ගණන් කඳුලු සාඟරයක ගිල්වා කිසිවක් සිදු නොවූවා සේ ස්වභාධහම නිහඬව බලා සිටී….

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

41 වන Mrs. World රූප රාජිනියන් අතුරින් ලංකාවේ සබීනා දෙවන අනුශූරතාවයට!

සටහන – පුලී ජනවාරි 30, කොළඹ (LNW):  41 වන මිසිස්...

‘වේල්ගේ අවසාන පැතුම’: පුතාගේ අවමංගල්‍යය සඳහා ටෙක්සාස් මිනිසා නිදහස් කිරීම ICE ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 30 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආගමන...

කළාපයේ ක්‍රීඩා සංවර්ධනයට තිරසාර ආකෘතියක් ඇති කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුවල එකඟතාවක්

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: දිගුකාලීන කලාපීය සහයෝගීතාවය සහ...