තාරුණ්‍යය හැමදාම මේ රට සමත් කළා – විපක්ෂ නායක සජිත් (VIDEO)

බොහෝ අවස්ථාවල මේ රටට ජයග්‍රහණ සහ කීර්තිය අත්පත් කර දුන්නේ තරුණ පරම්පරාව බවත් තමන්ට ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම ඔවුන් මේ රට සමත් කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඕනෑම රටක තාරුණ්‍යය කියන්නේ එම රටේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකය බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ තාරුණ්‍යය නිවැරදි ලෙස කළමනාකරණය කිරීම ඉතාම වැදගත් බවද පැවසීය.

ලංකාවේ ජනගහණයෙන් හතරෙන් එකක් නියෝජනය කරන්නේ තාරුණ්‍ය බවත් ඒ අතරින් ක්‍රීඩාව තුලින් ලෝකය ජයගත් වීරයින් විශාල පිරිසක් අපට සිටින බවත් ඒ මහතා පැවසීය.

අද කික් බොක්සිං ක්‍රීඩාව හරහා ලංකාවට කීර්තියක් අත්කර දුන් ඉන්දුකාදේවි කනේෂ් දියනිය බිහිවුණේ වවුනියාවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා ඉන්දුකාදේවි දියණිය තව තවත් රනින් මේ මාතෘ භූමියට කීර්තිය අත්පත් කර දෙයි කියා විශ්වාස කරන බවද පැවසීය.

ශ්‍රී ලංකා – පාකිස්තාන කික් බොක්සිං තරගාවලියේ අවුරුදු 25න් පහළ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ රන් පදක්කම දිනා මව්බිමට අභිමානය ගෙනා ඉන්දුකාදේවි කනේෂ් ක්‍රීඩිකාව ඊයේ (08) විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.

මුලතිව්, පුදියනගර්හි උපත ලබා අධිෂ්ඨානශීලීත්වයත්, අප්‍රමාණ කැපවීමත්, නොපසුබස්නා උත්සාහයත් පෙරටුකොටගෙන ආ ගමනක ප්‍රසංශනීය ප්‍රතිපලයක් ලෙස ඇය උපන් මාතෘ භූමියට කීර්තියක් අත්පත් කොට දුන් අතර ඒ පිළිබඳව විපක්ෂ නායකතුමා සිය හෘදයංගම ප්‍රණාමය පිපිරිනමනු ලැබූ අතර ඇයට විපක්ෂ නායකතුමා විසින් රුපියල් ලක්ෂයක මූල්‍ය පරිත්‍යාගයක් ද කරනු ලැබීය.

ඇයගේ ඉදිරි ගමනට අවශ්‍ය ඕනෑම විටක සහයෝගය ලබාදෙන බව බවටද විපක්ෂ නායකතුමා සහතික විය. මෙම හමුව සංවිධානය කළේ සමගි වනිතා බලවේගය විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...