අපට ඩොලර් තියෙනවා. නැත්නම් 2021 බිලියන 22ක භාණ්ඩ ආනයනය කළේ කොහොමද ? – මහබැංකු අධිපති

Date:

ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟයක් උද්ගතව ඇත්තේ අපට ඩොලර් නොමැති නිසා බවට බොහෝ දෙනා සිතුවත් එම මතය සාවද්‍ය බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

“බොහෝ දෙනෙක් හිතන්නේ අපට ඩොලර් හිඟයක් ඇතිවී තිබෙන්නේ අපට ඩොලර් නැති නිසා කියලායි. අපට ඩොලර් නැතිනම් අපි කොහොමද ගිය අවුරුද්දේ ඇමරිකානු ඩොලර් බිලියන 22ක භාණ්ඩ ආනයනය කළේ ? ඒ වගේම කොහොමද අපි පසුගිය මාසයේදී ඩොලර් බිලියන දෙකක භාණ්ඩ ආනයනය කළේ ? ඒ නිසා අපට අනිවාර්යයෙන්ම ඩොලර් තිබෙනවා. ඒ වගේම ඩොලර් සඳහා අධික ඉල්ලුමකුත් තිබෙනවා. ඒක නරක දෙයක් නෙවෙයි. එතකොට අපට විදේශ විනිමය හොයාගන්න වෙනවා ඊට සහාය දෙන්න. එවැනි අවස්ථාවක ඩොලර් නියමිත ක්‍රමවේදයෙන් පරිබාහිරව භාවිතා වෙනවා නම් එය අඩුකිරීම හෝ විකල්ප ක්‍රියාමාර්ග හඳුන්වාදීම අපේ යුතුකමක් සහ වගකීමක් වෙනවා”

මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (08) කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...