ශ්‍රී ලංකා මහ බැංකුව විසි​න් Lanka Remit – විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුම හඳුන්වා දෙයි

Date:

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන්, LankaClear ආයතනය විසින් වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු පිරිවැයක් සහිතව ශ්‍රී ලංකාවට මුදල් එවීමේ අවස්ථාව ලබාදීම අරමුණු කරගත් Lanka Remit – විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුමක් හඳුන්වාදී තිබේ.

Lanka Remit දියත් කිරීම තරුණු හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී.

ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩිකිරීම සඳහා මෙන්ම, විධිමත් ක්‍රමවේද හරහා ප්‍රේෂණ රට තුළට ගලාඒම ධෛර්යමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විවිධ පියවරයන් ගනිමින් සිටින වකවානුවක මෙම හඳුන්වාදීම සිදුවිය.

Lanka Remit මගින් සෘජු බිල්පත් ගෙවීමේ පහසුකම, විදේශයන් හිදී නිකුත් කරන විද්‍යුත් ගෙවීම් කාඩ්පත් හරහා ශ්‍රී ලංකාවට මුදල් එවීම වැනි වටිනාකම් එකතු කළ සේවාවන් රැසක්ද ලබාදීමට බලාපොරොත්තු වෙයි.

මේ සඳහා ප්‍රේෂණ පහසුකම් සලසන්නන් ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, කොමර්ෂල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, කාගිල්ස් බැංකුව, මොබිටෙල් ආයතනය සහ ඩයලොග් ආසියාටා යන ආයතන දැනටමත් ඉදිරිපත්ව ඇති අතර, යථා කාලයේදී අනෙකුත් ප්‍රේෂණ පහසුකම් සලසන ආයතනද මේ සමග සම්බන්ධ වීමට නියමිත බව මහ බැංකුව සඳහන් කර​යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වය යළි වෙනස් වෙයි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

තෙල් සංස්ථාවේ ලාබය අඩුවීම : මේ ලාබත් සැබෑ ලාබ නොවේ !

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (තෙල් සංස්ථාව) විසින් මෙම...

පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරමට ආශිර්වාද දුන්නේ දේශපාලන නායකයො. අපි ඇවිත් මේක නතර කළා – ඇමති රත්න

සටහන - රුවන් නෙළුගොල්ල දැන් මේ රටේ ස්ථාපිතව ඇත්තේ මත්ද්‍රව්‍ය...