ආනයන සීමා රෙගුලාසි ඉවත් කරන්න – යුරෝපා සංගමය දැනුම් දෙයි

Date:

යුරෝපා රටවල ඇතැම් නිෂ්පාදන සඳහා පනවා ඇති ආනයන සීමා රෙගුලාසි කඩිනමින් ඉවත් කරන්නැයි යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා. ඊයේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති ඒකාබද්ධ හමුවකදී මෙම දැනුම්දීම සිදුකර තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දක්වමින් පවසා තිබෙන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සීමිත ප්‍රමාණයක් සඳහා පමණක් ආනයන සීමා පනවා ඇති බවයි. කොවිඩ් වසංගත තත්වය හමුවේ දැඩි විදේශ විනිමය අර්බුදයකට ලක්ව සිටින බැවින් ආනයන සීමා පැනවීමට සිදු වූ බවත්, ඉදිරියේදී මතුවන තත්වයන් අනුව එම සීමා ඉවත් කිරීමට හැකිවන බවත් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

‍දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවලදී ජීඑස්පී ප්ලස් බදු සහනය සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පාර්ශ්වය පෙන්වා දී තිබෙන්නේ එම බදු සහනය අඛණ්ඩව හිමිවීම අතිශය වැදගත් බවයි. මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම් ඇතුළු මූලික ප්‍රඥප්තීන් 27 ආරක්ෂා කිරීමට කැප වී කටයුතු කරන බවටද පොරොන්දු වූ බවයි යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබෙන්නේ.

දෙපාර්ශ්වය අතර මීලඟ ඒකාබද්ධ හමුව ලබන වසරේදී කොළඹදී පැවැත්වීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...