EPF කොල්ලකන්න ගිය වෝහාරික වාර්තා 05ක් ගැන සජබෙන් හෙළිදරව්වක්!

0
463

මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව සේවක අර්ථසාධක අරමුදලට සම්බන්ධ වෝහාරික වාර්තා 05ක් සැගවීමට ආණ්ඩුව උත්සහ දරන බවට සමගි ජනබලවේගය අද (09) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ එම වාර්තා 05 සම්බන්ධයෙන් කිසිවෙකු හෝ කතාකර නැති අතර ඒවා යටගැසීමට කටයුතු කර ඇති බවයි.

දැන් නැවත වටයකින් සේවක අර්ථසාධක අරමුදලට බදු ගැසීමට ආණ්ඩුව සූදානම් වන අතර මෙලෙස ජනතාවගේ මුදල් කොල්ලකෑමට විරුද්ධ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here