*
Tuesday, February 11, 2025
spot_img

Latest Posts

මන්ත්‍රීවරුත් මනුෂ්‍යයෝය!

උපාලි කොළඹගේ

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව මේ දිනවල වැඩිපුර කතා බහට ලක්ව තිබේ. ජනමාධ්‍ය මගින් උත්කර්ෂයට නංවා ඇති පොදු මතය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වනාහී අශිෂ්ට බඩජහරි කමට ඕනෑමදෙයක් ගිලදමන, රටේ මුදල් අවභාවිත කිරීමෙන් කප්ගසා ඇති, සුරා ධූර්ත ,ස්ත්‍රී ධූර්ත අවලමුන් පිරිසක් ලෙසය. ඒ නිසා එවුනට අලුත් කාර් ඕනෑ නැත .පාර්ලිමේන්තු කැන්ටිමෙන් අඩු මුදලට කන්න දියයුතු නැත. ගිනි ගානට කන්න දෙන එකෙත් තත්ත්වය බාල කළ යුතුය. ගෙයක් නම් කොහොමවත් නොදිය යුතුය. ඕනැම නම් එකා පිට එකා වැටිල හරි එක ගේක හිටපල්ලා ආදී වශයෙන් කරුණු කරණා අටෝරාශියක් මේ දිනවල ජන මාධ්‍ය පුරා සංසරණය වේ. විශේෂයෙන් සමාජ මාධ්‍යයට නම් මෙම මාතෘකාව වෛරය උත්තේජනය කරන්නා වූ වෛරී ඉනාවකි.

නමුත් සමාජයක් විදියට මෙලෙස සමස්ත මහජන නියෝජිත ප්‍රජාවම අපහාසයට උපහාසයට ලක්කිරීම සාධාරණ ද? පොදුවේ සියලුම දේශපාලනඥයන් මේ කුලකයට අයත් ද?

මේ තත්ත්වය ඇති වීමට සාධාරණ ⁣හේතු සාධක ඇති මුත් සියලුම දෙනා එක මිටට ගෙන නිර්දය ලෙස පහරදීම යුක්ති යුක්ත යැයි සිතෙන්නේ නැත. විශේෂයෙන් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ බොහෝ දෙනා ආධුනිකයෝය. බබාලා නොවෙතත් ඔවුනට ඇත්තේ අඩු අද්දැකීම් එකතුවකි. ඔවුනට හුස්මක් කටක් ගැනීමට කිසියම් කාලයක් දිය යුතුය. අනවශ්‍ය ලෙස පීඩනයට ලක් නොකළ යුතු ය. එසේ බලවත් ආර්ථික පීඩනයකට ලක් කළ හොත් අනිටු ප්‍රතිවිපාක ඇති වීමටද ඉඩකඩක් විවරව පවතී.

මෙම තත්ත්වය ඇතිවීමට බොහෝ සෙයින් බලපෑවේ රාජපක්ෂ කල්ලියේ අයහපත් කල්ක්‍රියාව බවට විවාදයක් නැත. එසේ වූ පමණින් ගෙදර තිබෙන මුව හමට නොතැලිය යුතුය.

අනික මේ හැම අපතයකුම පත් කර ගත්තේ මේ රටේ සමස්ත ඡන්ද දායකයන් විසිනි. ඊළඟ කරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාවය. ඇමතිවරයකු නොවන කෙනකු ගෙනෙන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වලංගු ද යන්න ප්‍රශ්නයකි. කෙසේ වෙතත් ඔහු එය ගෙනෙනු ලැබ ඇත්තේ තමා ඇතුළු පැරැණ්නන්ගේ ජාම බේරෙන ලෙසය. මෙය නවක මන්ත්‍රීන්ට පමණක් බලපාන බවක්ද කියැවෙයි. අන්තෝ ජටා බහි ජටා. මහජන නියෝජිතයන් යනු ජනතාවගේ පරම සතුරන් වීමට බැරිය. එමආකල්පයෙන් මිදීමට නම් දේශපාලන සංස්කෘතියේ බලවත් වෙනසක් සිදු කළ යුතුය. නමුත් එය කළ යුත්තේ රැවුලත් කැඳත් දෙකෙම බේරෙන අයුරෙනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan