*
Tuesday, February 11, 2025
spot_img

Latest Posts

අරගලය සමයේ හානි වූ දේපලවලට වන්දි ගත් මැති ඇමතිවරුන්ට වැඩ වරදියිද?

කොළඹ LNW:2005 වසරේ දී සම්මත කර ගන්නා ලද ආපදා කළමණාකරණ පනතට අනුව මේ වන විට රට තුළ ආපදා සහන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන හෙයින් එම ප්‍රතිපත්තියට අනුව සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසක් සදහා රජයට ගෙවිය හැකි උපරිම වන්දි මුදල මුදල රුපියල් ලක්ෂ 25 ක් බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

නීතිය එසේ තිබියදී අරගල සමයේ දී ගිනිතබන ලද මැතිඇතිවරුන්ගේ නිවාස සදහා මේ තරම් විශාල මුදලක් මුදා හැරීම කෙසේ සිදුවූවාදැයි සොයා බැලිය යුතු බවයි මහානාමහේවා මහතා සඳහන් කරන්නේ.

පැවති රජය මෙම වන්දි ගෙවීම ගණනය කර තිබෙන්නේ එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවක නිර්දේශය මත වන අතර
මෙම කමිටුව අදාළ නිර්දේශ ඉදිරිපත් කරන ලද්දේ කවර පදනමකින් ද විමසිය යුතු බව මහානාමහේවා මහතා පවසයි.

මේ අතර රජයෙන් වන්දි ලබාගෙන තිබෙන මේ බොහෝ නිවාස ගිනි උවදුරු රක්ෂණයට යටත් කරන ලද ඒවා බවත් අදාල රක්ෂණ සමාගම් ඊට අදාල වන්දි මුදල් වින්දිතයන්ට ගෙවා ඇති බවත් දැන ගන්නට ලැබී ඇති බවද ඔහු කියාසිටියි.

එහෙයින් වැඩියෙන් ගෙවා ඇති මෙම මුදල් නැවත විධිමත් ක්‍රමවේදයකින් මහාභාණ්ඩාගාරයට අයකරගතයුතු යැයි ද මහානාමහේවා මහතා අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan