සාකච්ජා අවසන් නැහැ. අසාර්ථක වුණොත් ඒකත් කියන්නම් – තලතා

Date:

කොළඹ LNW:එජාප – සමඟි සාකච්ජා තවදුරටත් අවසන් එකඟතාවකට පැමිණ නැති අතර මේ සතියේදීත් අදාළ සාකච්ජා සිදුකෙරෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

යම්කිසි ආකාරයකින් සාකච්ජා අසාර්ථක වුවහොත් ඒ පිළිබඳව රටට හෙළිකරන බවයි ඇය සඳහන් කරන්නේ.

”මේ වෙනකොට තාමත් සාකච්ජා සිදුවෙමින් පවතිනවා. අවසානයේ එකඟතාවකට එන්න බැරුව අසාර්ථක වුණොත් අපි ඒ ගැන රටට හෙළිකරනවා. එච්චරයි. තාම අවසානයක් අපි දැකල නැහැ. මේ සතියේ කතා බහ කරනවා. එකඟතාවකට ආවොත් ඉස්සරහට යනවා. එහෙම නැතිවුණොත් අපිට එක්සත් ජාතික පක්ෂය විදිහට විතරක් තීරණය කරන්න බෑනේ. අපි මේකෙදි කියන්නේ මේ මැතිවරණය තමයි ඉතාම වැදගත් හැම පක්ෂයකම ගමේ දර දිය අදින මිනිස්සුන්ගේ මැතිවරණය. මේ මැතිවරණයේදී පක්ෂ නායකයෝ සියලු දෙනාටම පක්ෂයේ වගකිව යුතු හැමදෙනාටම වගකීමක් තියෙනවා ඒ අය වෙනුවෙන් මේ වෙලාවේ රටේ බරපතල තත්ත්වයක් ඇතිවෙලා තියෙන වෙලාවක අනිවාර්යයෙන්ම එකට එකතු වෙලා මුල් අඩිතාලම දාන්න.” යනුවෙන් අතුකෝරළ මහත්මිය පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...