ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

Date:

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව සෞඛ්‍ය හා ජනමධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් කැස්බෑව අධිකරණයේ නඩුවක් පවරා තිබේ.

ධර්ම ශ්‍රී කාරියවසම් විසින් පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවක් හරහා අමාත්‍යවරයාට අපහාස වන පරිදි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඖෂධයක් භාවිතයේ දී ඇති වූ බව කියන සිදුවීමක් පාදක කර ගනිමින් පසුගිය දා චෝදනා එල්ල කොට තිබුණි.

එම ව්‍යාජ චෝදනාව හේතුවෙන් සිදු වූ අපහාසයට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ඉල්ලා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ධර්ම ශ්‍රී කාරියවසම් වෙත එන්තරවාසියක් යවා තිබුණ ද එම එන්තරවාසියෙන් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ධර්ම ශ්‍රී කාරියවසම්ගේ නීතීඥවරුන් හරහා පිළිතුරු එවා තිබුණි.

නමුත් එන්තරවාසියේ දක්වා තිබූ පරිද්දෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් ඉල්ලා ධර්ම ශ්‍රී කාරියවසම් මහතාට එරෙහිව කැස්බෑව දිසා අධිකරණයේදී නඩුව ගොණු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...